~ Meanwhile seoha_- ටේයෝන්..එයා හොද කෙනෙක්. හොද යාලුවෙක්.. හරියට වූ ව්ගේම... ඒකමයි මට තියෙන බය. ඔයත් මාව දාල යයිද වූ වගේ... -
ගෙදර දිහාට ඇවිදගෙන යනකමන් සෝහ හිතුවෙ ටේයෝන් ගැන."එයාගෙ ඇස්... ඇයි මන් අමතක කරන්න කරන්න මට තවත් වූයොන්ව මතක් වෙන්නෙ.."
කෙල්ල ටිකක් හයියෙන් කෑගැහුවෙ පාරෙ තිබ්බ ටින් එකකට හයියෙන් පයින් ගහන ගමන්. ඒත් ඉතින් කෙල්ලගෙ හිතේ තිබ්බ දුකට ටින් එක මොනා කරන්නද..? සෝහගෙ ශක්තිමත් පයින් පහරෙන් බැටකාපු ටින් එක ගිහින් නතරවුනේ කෙල්ල මේ ලෝකෙ දකින්න අකමැතිම දෙන්නගෙන් එක්කෙනෙක් ලග..."මාක්... තමුසෙ අදත් ආවද.." කෙල්ලගෙ තරහින් පුපුරන ඇස් යොමුවුනේ මාක් දිහාට...
"හහ් " අතේ තිබ්බ දුම්වැටිය පැත්තකට විසිකරපු මාක්, කට කොනින් හිනාවෙලා ටිකක් එහාට්ට වුනේ සෝහට ගේ ඇතුලට යන්න කියල අතින් සන් කරනගමන්..( 🌝❤️🔥 මගෙ කරස් එක..)
කෙල්ල තමන්ගෙ ගේ ඇතුලට ගියා. හැබැයි බයෙන්.. මොකද කෙල්ල දැනගෙන හිටිය තමන්ගෙ ඔම්මගෙයි අප්පගෙයි මිනීමරුවත් ගේ ඇතුලෙ ඉන්නව කියල...
•
යුන්හෝ... ඔව් එයා හිටිය. සෝෆා එක උඩ වාඩිවෙලා, බිම බලාගෙන..ගෙට ඇතුලුවුන සෝහ,යුන්හෝ ව ,ගනන් නොගෙන තමන්ගෙ රූම් එකට යන්න හැදුවත්.., එකපාරම ඇහුන යුන්හෝගෙ ගැබුරු කටහඩ නිසා එහෙම්මම නැවතුනා...
"ඔහොම ඉන්නව... මාව ඒ තරමටම පේන්නෙ නැද්ද සෝහ..? ඔච්වර රෑ වෙනකම් තමුසෙ රස්තියාදු ගැහුවද..?"
සෝහගෙ අත් ඉබේටම වගේ මිටමොලවුනත්, කෙල්ල මොකොවත් නොකර හිටියෙ තමන්ට යුන්හෝ එක්ක හැප්පෙන්න බෑ කියල දන්න නිසා..."මට නීති දාන්න ඔයාට බෑ... යුන්හෝ.." කෙල්ල හිටියෙ බයෙන් වුනත් ඒ හැගීම යටපත් කරගෙන කෙල්ල තරහින් කිව්ව....
සෝෆා එකේ හිටපු යුන්හෝ එතනින් නැගිට්ටෙ කෙල්ලගෙ හදගැස්ම එන්න එන්නම බයෙන් ගැහෙද්දි...
•
එයා ඇවිත් හිටගත්තෙ සෝහට ඉස්සරහින්..
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...