"සෝහා... ටිකක් හිමින් යන්නකු.."
"ඉක්මනට එන්න ටේයෝන්.."
සෝහ ටේගෙ අතින් ඇදගෙන දිව්වෙ මේපල් කැලේ ඇතුලට...
සීත ඍතුවේ කොල හැලිල හෙම්බත් වෙච්ච මේපල් ගස් දැන් ආයෙත් පුංචි පුංචි මේපල් දලු වලින් හැඩවෙලා... තද රතුපාට මේපල් දලු අතරින් රිංග රිංග සෝහ ටේගෙ අතිනුත් ඇදගෙන තව තවත් මේපල් කැලේ ඇතුලටම ගියා..
.
.
"වා..ව්.. මෙහෙම තැනක්.. කොහොමද එහෙම වෙන්නෙ.. ලස්සනයි..ගොඩක් ලස්සනයි..."එයාල ආවෙ චෙරි බ්ලෝසම්(සකුරා) වත්තකට.. ටේයෝන්ගෙ පුදුමවුන ඇස් හතර වටේම දුවනව.."හැම වසන්ත කාලෙකම වූයි මායි මෙහෙට්ට ආව සෙල්ලං කරන්න.., එයා දාලයන්න කලින්.." දෙන්න අතර ඇතිවුනේ නිශ්ශබ්දතාවයක්..
.
.
"ටේයෝන්.. මම මේකට නගිනෝ.." කෙල්ල කෑගැහුවෙ ටිකක් උස සකුරා ගහකට අත දික් කරගෙන.
"යාහ්.. එපා.."
"බෑ මං නගිනව.."
"සෝහා.... එපා"
"නෑ මං නගි__ ම්ම්ම්" ඉස්සරවුන ටේ කෙල්ලගෙ කටට අත තියල වහගත්තෙ කියවන්න බැරිවෙන්න..
"ම්ම්.. ම්ම්ම්.."
"පොඩ්ඩක් ඔය කට වහං ඉන්නකො" "ම්ම්.. ම්..ම්"
"මොකක්ක්"
"ම්ම්"
"අහ්.. සමාවෙන්න.." ටේයෝන් ඉක්මනින් අත අහකට ගත්තෙ සෝහට ආයෙත් කියවන්න ඉඩ දීල..."මං තරායි"
"මො..? අපි යාලුවොනම් ඔයාට බෑ එහෙම තරහ වෙන්න.."
"ඒත් මං තරහ වෙනව"
"ඇත්තමද..?? කෝ බලන්න තරහ වුන මූන.." ටේයෝන් කෙලගෙ නහය මිරිකුවෙ හරි ආදරෙන්..."ම්ම්.. පොඩ්ඩක් ඉන්න" කෙල්ල බිම තිබුන සකුරා මලක් අරගෙන පෙති එකින් එක අයින් කරන්න ගත්ත.
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...