සති හතරක් මේ විදිහටම ගෙවුන..
කිසිම වෙනසක් නැතුව හැමදාම ටේයෝන් කෙල්ලව බලන්න ආව. ඒත්... කවදාවත් කතාකරේවත්, පේන්න හිටියෙවත් නෑ. මේපල් ගහකට මුවාවෙලා හැමදාම කෙල්ල දිහාම බලාගෙන හිටිය..
හිනාවෙන අඩන ඒ ඇස් දිහා කොච්චර දවස් බලාගෙන හිටියත්...ටේයෝන්ට බැරිවුනා, කෙල්ලගෙ හිතේ තියෙන හැගීම් තේරුන්ගන්න... මොකද, ඒ හැගීම් ඒ තරමටම සංකීර්ණයි...
• • • •
දවස් ගෙවෙනව කොල්ලටත් හොරෙන්ම. මේ ටික කාලෙට ටේයෝන්ට කෙල්ලව අමතක කරන්නම බැරි කෙනෙක් තරමටම හදවතට දැනිල... හැම මොහොතකම කෙල්ල ගැන හිතන්න හිත පෙලබවෙන්නෙ ඒකයි. ඒත කෙල්ල මේ කිසිදෙයක් දන්නෙ නෑ... ඇත්තටම එයාගෙ හිතේ මොන වගේ දේවල් ඇත්ද...?
•
•
# FLASHBACK END... #~ Back To Present ~
( flashback එකට පස්සෙ තමා හරිනම් ෆස්ට් චැප්ට එක එන්න ඕනෙ )
"ආහ් ඔලුව...හ්හ්හ්.." එකට ඇලිල තිබුන ඇස් ලාවට ඇරගත්ත ටේයෝන් තදකරල ඔලුව අල්ලගත්තෙ එකපාරම ආපු කලන්ත ගතිය හින්ද.
"අයිශ්.. මේ කොහෙද..? ආ..." තමන් හිටිය තැන දැකල පුදුම වුන ටේයෝන් ඉක්මනට නැගිට්ටත්, වැඩිවෙලා යන්න කලින් ආයෙත් ඇදගෙන වැටුන..
මුලු ඇගම අයිස් කුට්ටියක් වගේ සීතල වෙලා... ඇගේ රැදිල තිබුන හිම අයින් කරපු ටේ අත්වලින් තමන්ගෙ ඇග උනුසුම් කරන්න උත්සාහ කරත් ප්රයෝජනයක් වුනේ නෑ...
වැඩිවෙලා යන්න කලින් කොල්ලට තෙරුනා ඊයෙ සෝහ එනකම් බලන් හිටපු පාර තමන්ට එහෙම්මම නින්ද ගිහින් කියල..මුලු රෑම හිමේ ඉදල දැන් ටේයෝන් හිම බබා වගේ වෙලා..."ඔම්මා... හියුන්..." කතා කාගන්නවත් බැරි තරමට් සීතලෙන් වෙවුලන ටේයෝන් ට මතක් වුනේ පොඩ්ඩක් ඇත්තං තමන් නිසා බයවෙන තමන්ගෙ පවුලෙ අයව.. උපරිම ශක්තිය යොදල ටේ ගෙදර දිහාට ඇවිදගෙන ගියේ, ඊලගට තමන්ගෙං අහන ප්රශ්නවලට දෙන උත්තර මොනවද කියල හිත හිතමයි...
•
•
ගෙදර ලගටම ආපු ටේයෝන් දැක්කෙ, කෝට් එකේ එක අතක් විතරක් දාගෙන අනිත් අතින් පෝන් එක කනේ ගහගෙන කලබලෙන් ගේ ඇතුලෙ ඉදං එලියට ආපු ජින් හියුන් ව.. ටේගෙ ඇස් වලට ඉබේටම කදුලු ඉනුවෙ තමන් නිසා කවදාවත් නැති තරමට බයවෙලා තිබුන ජින්ගෙ මූන දැකල."යාහ්...ටේයෝනා..." ජින්ගෙ රතුවුන නොසන්සුන් ඇස්වලට ගැටුනෙ, ගල් පිලිමයක් වගේ තමන් දිහා බලං ඉන්න තමන්ගෙ මල්ලිව.. දෙපාරක් නොහිත ජින් ටේයෝන් ලගට දුවගෙන ආවෙ මොකොවත් හිතාගන්න බැරුව.
ජින්ට ඕනෙවුනා ටේයෝන් හොදින්ද කියල දැනගන්න. ආපු ගමන්ම හියුන් බැලුවෙ ටේයෝන් ට පොඩිහරි සීරීමක් වෙලාද කියල.
"තුවාල වුනේ නෑ නේද.. මොකක්හරි ප්රශ්නයක් ද.. ඇ...ඇයි ගෙදර ආවෙ නැත්තෙ.. මොකක්ද වුනේ.. කියනවා..."
ජින්ගෙ රතුවෙලා තිබුන ඇස් තවත් රතුපාට වෙන හැටි වගේම ඒ ඇස් ඇස්තුලෙ නලියන කදුලු කැට ටේයෝන් හොදටම දැක්ක.. හියුන් ටිකක් තරහින් කෑගහද්දි ටේයෝන් කරේ හියුන්ව තදින් බදාගත්ත එක.
YOU ARE READING
~ ️WINTER GIFT❄️ || Complete ||
Fanfiction-එතකොට මේකද අපේ කතාවෙ අවසානය..? නෑ, මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ... මට බෑ මේ අවසානය පිලිගන්න.. මම උපරිම උත්සාහ කරනව සෝහ, ආයෙත් ඔයා ලගට එන්න... ඒත් මට හරි මහන්සියි...- යුන්හෝගෙයි ඔම්මගෙයි කෝපාන්විත සංවාදය අස්සෙන් ලාවට ඇහෙන සෝහගෙ කටහඩ මැද්දෙ...