Mister CEO ❣️💌❣️
❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️[04]
____________❣️____________
🐰 [XIAO ZHAN]
ෆයිල් ගොඩ අස්සේ හිර වෙලා ඉන්න YiBo ට Xiao Zhan තුන්පාරක් විතර කතා කරත් ඇහුණේ නැ. කොල්ලා ආපහු කතා කරන්න යනකොට දැක්කේ එහා පැත්තේ ඔෆිස් එකට සම්බන්ධ කරලා මැදින් හදලා තියන දොර ඇරෙනවා. ඒත් එක්කම අර කලින් කතා කරපු ලේඩී ඒ දොරෙන් එබුනේ කොල්ලට එතනින් ඒ රූම් එකට එන්න සිග්නල් කරන ගමන්.
Xiao Zhan ක්ලීනින්ග් ට්‍රොලි එකත් තල්ලු කරගෙන ඒ රූම් එකට ගියේ තව එකපාරක් YiBo දිහත් බලලා.
"..ඉවරයිද සර්ගේ රූම් එක ක්ලීන් කරලා..?"
Xiao Zhan ඔළුව වැනුවේ ඔව් කියන්න.
"..තව ටිකකින් ලන්ච් ටයිම් එක.. ඔය ටික ක්ලීනින්ග් රූම් එකෙන් තියලා ලන්ච් රූම් එකට යන්න.. කෑම ගෙනත් නෑනේ කැන්ටින් එකෙන් කන්න පුලුවන්.. එතනම තියනවා.."
"..තැන්ක්‍යු මැඩම්.."
Xiao Zhan කිව්වේ Yuwen දිහා බලලා ඇස් හීනි කරලා හිනාවෙන ගමන්. Yuwen බලන් හිටියේ ඇයගේ රූම් එකේ දොරත් ඇරගෙන ක්ලීනින්ග් බඩු තියන ට්‍රොලි එකත් තල්ලු කරන් යන කොල්ලා දිහා.
'..ස්වීට් බෝයි කෙනෙක්..'
ලිෆ්ට් එකෙන් පහලම ෆ්ලෝ එකට ආව Xiao Zhan ක්ලීනින්ග් අයිටම්ස් තියන රූම් එකට ගියේ බඩු ටික ආපහු තියන්න.
"..හේයි..!!"
කොල්ලා හැරුණේ කටහඬකට. කලු කොණ්ඩයක් තියන, ලොකු ඇස් තියන අහිංසකපාට පිරිමි ළමයෙක් Xiao Zhan දිහා බලන් හිටියේ හිනාවෙන ගමන්.
"..හේයි.."
"..අයිම් Yu Bin.."
පිරිම ළමයා අත දික්කරේ ඔහුව හදුන්වලා දෙන ගමන්.
"..අහ් Xiao Zhan.."
කොල්ලා කිව්වේ Yu Bin ට අතට අත දෙන ගමන්.
"..අළුත්ද මෙහෙට..??"
Yu Bin ඇහුවේ Xioa Zham එක්ක ක්ලීනින්ග් ට්‍රොලි එකේ තියන බඩු ටික අස් කරන ගමන්.
"..යස්.. අද ෆස්ට් ඩේ එක.."
"..ඔහ්! එහෙනම් Mr. Feng Ming ව හම්බවෙන්න වෙනවා.. එයා තමයි ක්ලීනින්ග් සයිඩ් එක භාරව ඉන්නේ.."
YOU ARE READING
Mister CEO 💌❣️
Fanfiction[YiZhan] [COMPLETED] [HAPPY ENDING] 𝐋𝐢𝐟𝐞 𝐩𝐥𝐚𝐲𝐬 a 𝐬𝐰𝐞𝐞𝐭 𝐦𝐞𝐥𝐨𝐝𝐲 𝐀𝐧𝐝 𝐇𝐞 𝐝𝐚𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐢𝐭'𝐬 𝐭𝐮𝐧𝐞 ! 💌❣️ First Update Facebook : 19 July 2020 Last Update Facebook : 26 April 2022 First Update WattPad : 20 November 20...