Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟷𝟷

1.5K 295 18
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️

[11]

____________❣️____________

Previous Episode 10

🦁 [WANG YIBO]

කාර් එකේ තිබ්බ වතුර බෝතලයක් හොයාගෙන YiBo පේන් කිලර් එකක් එක්ක ඒක බිව්වේ ⁣කොල්ලගේ ඔළුවේ කැක්කුම ඉවසගන්න බැරිවෙනකොට. බිල්ඩින් එකෙන් එළියට කාර් එක හරවද්දි YiBo සීට් එකේ පිටිපස්සට ඔළුව තියාගත්තේ අඩ නින්දෙන් වගේ ජනේ⁣ලයෙන් එළිය බලන් යනගමන්.

ඒත් එක්කම YiBo දැක්කේ දැකලා පුරුදු රූපයක්. කොල්ලා ගැස්සිලා ඇහැරිලා බැලුවේ පාරෙන් එහාපැත්තේ ඉද⁣ලා මේ පැත්තට ඇවිදන් එන රූපේ දිහා.

"..මෙයා මොකක්ද⁣ මෙතන කරන්නේ.."

____________❣️____________

🦁 [WANG YIBO]

"..ස්ටොප් ද කාර්.."

කොල්ලට කියවුනේ හයියෙන්. ඒත් එක්කම කොල්ලගේ ඩ්‍රයිවර් කාර් එක මේ පැත්තේ කොනෙන් නැවැත්තුවේ YiBo ජනේලට මූණ තද කරන් ඔෆිස් එක තියන පැත්ත බලද්දි.

'..Xiao Xhan..'

කොල්ලා දැක්කේ Xiao Zhan ව. ලොකු ට්‍රැවලින් බෑග් දෙකකුත් උස්සන් Xiao Zhan ඔෆිස් බිල්ඩින් එක තියන පැත්තට ඇවිදන් ආවේ අමාරුවෙන්.

'..මේ මනුස්සයව මම ගෙදර යැව්වේ රෙස්ට් කරන්න කියලනේ..'

කොල්ලා බලන් හිටියේ මේන් ගේට් එක ලග ඉන්න මේන් සික්‍යුරිටි එක්ක නැවතිලා කතා කරන Xiao Zhan දිහා. ටිකකින් සික්‍යුරිටි ⁣තවත් පිරිමි ළමයෙක්ට කතා කරලා මොනාහරි කියනවත් ඒ පිරිමි ළමයා කොල්ලගේ අතෙන් එක බෑග් එකක් අරන් අනිත් පැත්තෙන් සික්‍යුරිටි ⁣ක්වාටර්ස් තියන පැත්තටත් යනවා YiBo බලන් හිටියේ කටත් ඇරගෙන.

'..මෙයා මොකක්ද මේ බෑග් උස්සන් කරන්නේ..'

"..අංකල් අනිත් පැත්තේ ගේට් එකෙන් සික්‍යුරිටි ක්වාට(ර්)ස් පැත්තට යමු.."

කොල්ලා ජනේලෙන් එළිය බලගෙනම ඩ්‍රයිවර්ට කිව්වේ ඩ්‍රයිවර් පුදුමයෙන් කොල්ලා දිහා බලලා වාහනේ ආයේ හරවගන්නකොට.

බිල්ඩින් එක වටේ රවුමක් කරකවලා කාර් එක ආවේ පිටිපස්සේ තියන සික්‍යුරිටි ක්වාටර්ස් පැත්තට. පිටිපස්සේ ගේට්ටුවට මීටර් විස්සක් විතර මෙහායින් කාර් එක නවත්තලා කොල්ලා කාර් එකෙන් බැස්සේ ශේඩ්ස් දෙකයි, මාස්ක් එකකුයි කැප් එකකුයි දාගෙන.

Mister CEO 💌❣️Donde viven las historias. Descúbrelo ahora