Mister CEO ❣️💌❣️❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️Epilogue ♡︎
____________❣️____________
රෑ වෙලා හැමෝම ගියාට පස්සේ Xiao Zhan වත් එක්කගෙන YiBo ආවේ හොටෙල් එකෙන් එළියේ තියන කබානාස් පැත්තට.
ඒ හරියේ ඉදන් බලද්දි හොටෙල් එකයි, ලයිට්ස් වැල් දාලා දිලිසෙන ෆයිනස් වත්තයි පෙනුණේ දිව්‍ය ලෝකයක් වගේ.
"..ම්ම්ම් තැන්ක්‍යු.."
YiBo ගෙනත් දුන්න හොට් කොෆි එක Xiao Zhan ගත්තේ අත් දෙකෙන්ම. ලොකු ස්වේටර් එකක් ඇදලා හිටියත් එළියේ තිබ්බ සීතලට කොල්ලගේ ලිප්ස් තිබ්බේ ලාවට දම් පාට වෙලා.
YiBo එතනම හදලා තිබ්බ දුඹුරු පාට බංකුවක් උඩින් වාඩි වෙලා Xiao Zhan ව ගත්තේ ඔඩොක්කුවට. ටිකක් වෙලා යනකන් දෙන්නම හිටියේ කිසිම සද්දයක් නැතුව. Xiao Zhan YiBo ගේ අස්සටම රිංගලා ඉඳගෙන හිමින් හිමින් කොෆි එක බොන්න ගත්තේ YiBo ලාවට කොල්ලගේ ඔළුවට කිස් එකක් දෙද්දි.
"..තව එක සප්‍රයිස් එකක් තියනවා.."
YiBo මිමිණුවේ Xiao Zhan හිතපු නැති වෙලාවක.
Xiao Zhan ඇස් දෙකත් ලොකු කරගෙන බෙල්ල හරවලා YiBo ගේ මූණ දිහා බැලුවේ YiBo හිනාවෙද්දි.
"..ම්ම්ම්.. මතකද පළවෙනියට ඉන්ටර්විව් ආව දවස..?"
Xiao Zhan ගේ මූණ ලැජ්ජාවෙන් රතු වුනේ එදා බොස් ගැන හිතුව ඒවා මතක් වෙලා.
"..ම්ම්ම්.."
"..ඒ දවසේ ඉඳලා අපි කොච්චර දුර ඇවිත්ද කියලා පේනවද..?"
Xiao Zhan තව තුරුල් වුනේ YiBo ට. YiBo ට ලංවුන දවසේ ඉඳලා Xiao Zhan ගේ හැමදේම වුනේ YiBo. YiBo ගේ පවුල. ඒ හැමෝම.
කොල්ලා YiBo ට ආදරේ කරන්නේ කාටවත් හිතාගන්න බැරි විදිහට. ඒක ගැන කොල්ලටවත් හිතාගන්න බෑ. එච්චර ආදරයක් කොහෙන්ද කියලා. Xiao Zhan ගේ ඇස් වලට ලා කඳුළු පටලයක් ආවේ ඒ ආදරේ දරාගන්න බැරුව.Xiao Zhan ව ඔඩොක්කුවෙන් පොඩ්ඩක් ඉස්සුව YiBo දාගෙන හිටිය කෝට් එකේ පොකට් එකට අත දාලා ගත්තේ කොළ පාටයි රතු පාටයි මික්ස් වුන පොඩි වෙල්වට් බොක්ස් එකක්. Xiao Zhan ගේ අතේ තිබ්බ කොෆි කප් එක අරගෙන බංකුව උඩින් තියලා කොල්ලව තව ටිකක් පපුවට තද කරලා තුරුල් කරගෙන YiBo වෙල්වට් බොක්ස් එක දුන්නේ Xiao Zhan ගේ අතට.
YOU ARE READING
Mister CEO 💌❣️
Fanfiction[YiZhan] [COMPLETED] [HAPPY ENDING] 𝐋𝐢𝐟𝐞 𝐩𝐥𝐚𝐲𝐬 a 𝐬𝐰𝐞𝐞𝐭 𝐦𝐞𝐥𝐨𝐝𝐲 𝐀𝐧𝐝 𝐇𝐞 𝐝𝐚𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐢𝐭'𝐬 𝐭𝐮𝐧𝐞 ! 💌❣️ First Update Facebook : 19 July 2020 Last Update Facebook : 26 April 2022 First Update WattPad : 20 November 20...