Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟷𝟺

1.5K 299 23
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️

[14]

____________❣️____________

Previous Episode (13)

🐰[XIAO ZHAN]

Xiao Zhan නොදැනුවත්වම කොල්ලගේ අනිත් අත ඇවිත් තිබ්බේ YiBo ගේ පපුවට. ඒ අත පපුව උඩ තියාගෙන ලාවට තොලත් හපාගෙන කොල්ලා සීරුවට YiBo ගේ තොලේ පැලුණ තැන බෙහෙත් ගාන්නේ YiBo ගේ ඇස් දෙක එක තත්පරේකටවත් Xiao Zhan ගේ මූණෙන් අහකට යන්නේ නැතුව තියෙද්දි.

දෙන්නම ගැස්සුනේ YiBo ගේ ෆෝන් එක රින්ග් වුන සද්දෙට. සයිඩ් එකේ තිබ්බ ෆෝන් එක අරන් YiBo බැලුවේ කවුද කතා කරන්නේ කියලා. කෝල් එක දිහා බැලුව YiBo කලබල වුනේ ඒ ඉන්න විදිහටම ඉඳගෙන ඉන්න ගමන් Xiao Zhan නුත් ඒ ෆෝන් එකට එබෙද්දි.

Xiao Zhan ගේ ඇස් දෙක නලලට ගියේ YiBo ට එන කෝල් එකට වැටිලා තිබ්බ කන්ටැක්ට් පික්චර් එක දැකලා.

____________❣️____________

🐰[XIAO ZHAN]

"..Dr. Liu Haikuan!!.."

Xiao Zhan ට කියවුනේ එකපාරටම. ⁣කොල්ලගේ අත ගියේ බඩට චුට්ටක් උඩින් පපුවෙන් පහල තියන තුවාල පාර ලඟට. Xiao Zhan ඇස් දෙක ෆෝන් එකෙන් අහකට ගන්න බැරුව බලා⁣ගෙන හිටියේ කොල්ලගේ තොල් දෙක වෙව්ලන්න ගනිද්දි. Xiao Zhan ඇඳගෙන ඉන්න ශර්ට් එකට උඩිනුත් ඇඟිලි වලට ඒ තුවාල පාර දැනෙනවා. ඒ තුවාලේ ඇතිවුන අවස්ථාව කොල්ලට මැවී මැවී පේන්න ගත්තේ ෆිල්ම් එකක් වගේ.

එත් එක්කම Xiao Zhan ට තේරුණේ හුස්ම ගන්න අමාරු වේගන එනවා වගේ කියලා. කෙලේලගේ තුවාල කැලල ලග තියන අත තව තව එතන්ට හිරවෙන්න ගත්තේ හරියට තවමත් ඒ වේදනාව කොල්ලට දැනෙනකොට වගේ.

'⁣⁣නෝ.. නෝ.. නොට් අගේන්.. නොට් අගෙන්.."

Xiao Zhan ට මේ වගේ හැඟීමක් ඇවිත් තියෙන්නේ මීට කලින් එකපාරක් විතරයි. එදා වුනෙත් Xiao Zhan සුපර්මාර්කට් එකක් ඉන්නකොට Dr. Liu Haikuan ව දැකලා. එදා ලග හිටියේ Xuan Lu. කෙල්ල ඒ ගැන ඇහුවත් Xiao Zhan තවමත් එක වචනයක් Xuan Lu ට කියලා නෑ.

Xiao Zhan ට හීනෙන් වගේ ඇහුණේ YiBo ෆෝන් එක ආන්සර් කරලා කතා කරනවා. කොල්ලට හිතුණේ මෙතනින් ඉක්මනට යන්න ඕන කියලා. ඒත් කොල්ලා YiBo ගේ ඔ⁣ඩොක්කුවෙන් බහින්න උත්සාහ කරද්දි Xiao Zhan ට දැණුනේ කකුල්, අතපය, මුළු ශරීරයම හිරවෙලා වගේ. තුවාල පාරවල් වල වේදනාවල් කොල්ලට දැනෙන්න ගත්තේ Xiao Zhan අත්⁣ දෙකෙන්ම මුළු ඇඟම හිරකර ගද්දි.

Mister CEO 💌❣️Wo Geschichten leben. Entdecke jetzt