Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟾

1.5K 297 10
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️

[08]

____________❣️____________

🐰[XIAO ZHAN]

Xiao Zhan ඇස් දෙක නලලේ තියන් බලන් හිටියේ තමන්ගේ ඉස්සරහා ඉදගෙන ඉන්න නළුවා දිහා. ෆුල් කිට් එක නැතුව Mr. Wang YiBo ගේ තිබ්බේ හැන්ඩ්සම් කොල්ලගේ ලුක් එකක්.

"..Mr. Zhan.."

කොල්ලා ගැස්සුනේ YiBo ගේ කටහඬට.

"..සර්.."

"..අර රූම් එක ක්ලීන් කරලා ඉවරයිද..?"

"..ක්ලීන් කරන ගමන් සර් ඉන්නේ.."

Xiao Zhan කිව්වේ බිම බලාගෙන. කොල්ලා බයවුනේ මේ වෙලාවේ YiBo දිහා කෙලින් බැලුවානම් තමන් රතු වෙලා තියන විදිහ YiBo ට පෙනෙයි කියලා.

"..තව කොච්චරක් වෙලා යයිද ඕක ඉවර කරන්න.."

YiBo ඇහුවේ ව්‍රිස්ට් වොච් එක දිහා බලන ගමන්.

"..පැය බාගයක් විතර යයි සර්.."

"..Mr. Zhan.."

කොල්ලා ගැස්සුනේ YiBo ගේ තදින් ඇහුණ කටහඬට. ලාවට ඔළුව උස්සලා බැලුව Xiao Zhan දැක්කේ තමන් දිහා කෙලින්ම බලන් ඉන්න යක්සාකාර බොස්ව.

"..ස්...ස..ර්.."

"..මම එදත් තමුන්ට කිව්වා මම කතා කරනකොට ටයිල් ගණන් කරන්න එපා කියලා.."

YiBo ගේ සැර කටහඬට කොල්ලා හිතන්නත් කලින්ම YiBo ගේ මූණ දිහා බැලුවේ ඇස් දෙකේ ලාවට කඳුළු පටලයක් දිලිසෙද්දි. අවුරුදු ගාණක් ගණන් කරන්න බැරිතරමට මිනිස්සුන්ගෙන් කොච්චර බැණුම් අහලා තිබ්බත් කොල්ලට තවමත් කවුරුහරි බනිද්දි ඇස්⁣ දෙකට කඳුළු එනවා.

"..අර රූම් අස් කරලා ඉවර වෙලා හරියටම තව පැයක් ඇතුලත වොශ් කරලා ඔෆිස් කිට් එකෙන් මගේ රූම් එකට එන්න.. හරියටම තව පැයකින්.. පරක්කු වෙන්න බෑ තත්පරයක්වත්.. තේරුණාද..?"

"..ඔ..හ්..ඔ..ව් සර්.."

Xiao Zhan ගොත ගැහුවේ මේ මොකක්ද මේ වෙන්නේ කියලා හිතන ගමන්.
'මාව අයින් කරන්නද යන්නේ..'
කොල්ලගේ හිතට ආව එකම ප්‍රශ්නේ. YiBo ගේ රූම් එකෙන් එළියට ඇවිත් කොල්ලා අස් කර කර හිටිය රූම් එකට ගිය Xiao Zhan ගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තේ ඉස්සරහට මොනාද කරන්නේ කියලා කල්පනා වෙද්දි.
'මම ඊයේ රෑ මෙහෙ හිටියා කියලා බොස් දැනගෙනද?'

Mister CEO 💌❣️Where stories live. Discover now