Mister CEO ❣️💌❣️
❣️💌 .. Life Plays a
Sweet Melody
And
He Dances
To Its Tune .. 💌❣️[17]
____________❣️____________
📢. අද ඉඳලා කතාව දෙන්නගෙම පැත්තෙන් ලියවෙන්නේ නෑ.. එකම කොටසක් විදිහට තමයි යන්නේ..
*********
Previous Episode (16)
"..පහලට ගියාම ඇයි ඔෆිසර්යි, ඩොක්ටර්යි ආවේ කියලා කියන්නම්.. මට එයාලා මුකුත් කිව්වේ නෑ. මට ඔයාගෙන්මයි දැනගන්න ඕන.. ඔයා එයාලාව දන්නේ කොහොමද කියලා මට පස්සේ කියන්න.... මම කිසිම දෙයක් දැන් අහන්නේ නෑ.."
"..තැන්ක්‍යු සර්.."
YiBo ට ලාවට ඇහුණේ Xiao Zhan මුමුණනවා.
"..හ්ම්ම්.."
❦❦❦❦❦
දෙන්නම පහලට යනකොට දැක්කේ Liu Haikuan, Zhoucheng දෙන්නම කෑම මේසේ ලඟ වාඩි වෙලා බලන් ඉන්නවා.
Xiao Zhan හිටියේ YiBo ගේ පිටිපස්සටම වෙලා ඇස් කොනෙන් ඩොක්ටර් දිහයි ඔෆිසර් දිහයි බලන ගමන්. YiBo පුටුවක් ඇදලා කොල්ලව වාඩි කෙරෙව්වේ Xiao Zhan දිගටම බිම බලාගෙනම ඉද්දි. ඊටපස්සේ Xiao Zhan ගේ එහාපැත්තෙන්ම YiBo ත් වාඩි වුනාට පස්සේ හතර දෙනාම කෑම කන්න ගත්තේ Xiao Zhan ටික ටික සන්සුන් වෙද්දි. YiBo ලඟ ඉන්න හින්දා කොල්ලගේ හිතේ බය ටිකක් අඩුවෙලා තිබ්බේ. Liu Haikuan කට්ටිය අතර තිබ්බ නිශ්ශබ්දතාවය බින්ඳේ ඒත් එක්කම.
"..දැන් දිගටම මෙයා මෙහෙද ඉන්නේ..?"
Xiao Zhan ලාවට ඇස් උස්සලා Liu Haikuan දිහා බලලා ආපහු කෑම එක දිහා බලාගත්තේ සුපුරුදු විදිහට YiBo ගේ කට කොනකට හිනාවක් එද්දි.
ඒත් එක්කම කොල්ලටත් ආව ප්‍රශ්නේ ඒක. බොස් එයාව තියාගන්නවා කියපු එක ඇත්තටමද කිව්වේ කියලා."..ඔව්.. වෙන කොහෙවත් ඉන්නේ මොකටද මෙච්චර ලොකු ගෙයක් තියෙද්දි. අනික මගේ වැඩ වලටත් ලේසියි.."
YiBo කියද්දි Zhoucheng කැස්සේ YiBo මේසේ යටින් පයින් එකක් ගහද්දි.
"..කැත හිත.."
"..නෝප්.. මම මුකුත් වෙන දෙයක් හිතුවේ නෑ.."
Zhoucheng කිව්වේ හිනාවෙන ගමන්.
"..දැන් කොහොමද Xiao Zhan..?? තවම හුස්ම ගද්දි අමාරුයිද..?"
Xiao Zhan ඇස් දෙකත් ලොකු කරගෙන ඔළුව හෙල්ලුවේ නෑ කියන්න.
YOU ARE READING
Mister CEO 💌❣️
Fanfiction[YiZhan] [COMPLETED] [HAPPY ENDING] 𝐋𝐢𝐟𝐞 𝐩𝐥𝐚𝐲𝐬 a 𝐬𝐰𝐞𝐞𝐭 𝐦𝐞𝐥𝐨𝐝𝐲 𝐀𝐧𝐝 𝐇𝐞 𝐝𝐚𝐧𝐜𝐞𝐬 𝐭𝐨 𝐢𝐭'𝐬 𝐭𝐮𝐧𝐞 ! 💌❣️ First Update Facebook : 19 July 2020 Last Update Facebook : 26 April 2022 First Update WattPad : 20 November 20...