Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟷

2.4K 311 11
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[01]
____________❣️____________

[XIAO ZHAN]

🎶....ටිනි ටිනික් ටිනි ටිනික් ටිනි ටිනික්....🎶

Xiao Zhan ගේ හද්ද පරණ ෆෝන් කබල උදේ පාන්දර රිංග් වෙන්න ගත්තේ  කොල්ලා ෆෝන් එක ඇඳේ අනිත් පැත්තට විසිකරලා දාලා ආපහු කොට්ටෙන් හොඳට ඔළුව වහගෙන නිදාගද්දි.
ඒත් දිගටම නවතින්නේ නැතුව රිංග් වෙනකොට නිදිමරගාතේම ෆෝන් එක අතපත ගාලා හොයාගෙන ආන්සර් කරේ කොල්ල⁣ට ෆෝන් එකට කතා කරන්න ඉන්නේ එකම එක්කෙනෙක් නිසා.

"..හේයි Xu Lu.."

"..නැගිටිනවා Zhan.. අද නේද ඉන්ටර්විව් එක.. නැගිටිනවා.. දැන් හතටත් ලඟයි.. යනවකෝ පරක්කු වෙලා මේකටත්.."

Xuan Lu..

කොල්ලගේ ⁣බෙස්ට් ෆ්‍රෙන්ඩ්.. ඒ වගේම එක වෙලාවකට අක්කා වගේ..

"..ඔහ් ශිට්.."

XiaoZhan බෙඩ් ශීට් එකත් පටලව ගෙන කලබලේට ඇදෙන් බහින්න ගිහින් පැටලිලා වැටුනේ කෙළින්ම බිමට.

"..ආවුච්.."

බිම වැදුණු පස්සත් අතගාන ගමන් Xiao Zhan වැටෙද්දි විසික් වෙලා ගිය ෆෝන් එකත් අරන් බාත්රූම් එකට යන්න ගත්තේ Xuan Lu මහ හයියෙන් හිනා වෙද්දි.

"..ශටා.......ප්.."

"..හිනා යන්නේ නැද්ද මනුස්සයෝ වෙච්ච දේට.."

කෙල්ල දිගටම හිනාවෙන්න ගත්තේ මේ පැත්තෙන් Xiao Zhan කෙල්ලට ඇද කරද්දි.

"..Zhan.. ඇද කරන්න එපා මට.. මං දන්නවා හරිද.."

"..ෆයින්.. මම රෙඩි වෙන්න ඕන දැන්.."

ටූත් බ්‍රශ් එකට ටූත් පේස්ට් දාගන්න ගමන් කොල්ලා කිව්වේ Xuan Lu ආපහු ගන්න පොරොන්දු වෙලා ෆෝන් එක කට් කරද්දි.

චූටී බාත්රූම් එක ඇතුළේ සින්ක් එක ඉස්සරහ තියන පරණ වීදුරු කණ්නාඩියෙන් පේන තමන්ගෙම රූපය දිහා Xiao Zhan බලන් හිටියේ කලකීරිමෙන්.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා කෙට්ටු සිරුර.. හෙයාර්ලස් පපුව.. පපුව පුරාමත් පිට පුරාමත් තියන පරණ වේලුණු තුවාල  පාරවල්.. ජිරාෆ් කෙනෙක්ගේ වගේ දිග බෙල්ල.. ඒ වුනාට ටිකක් චබී කම්මුල්.. තද කළුපාට හැම පැත්තටම අවුල් වෙච්ච කොණ්ඩේ..

Mister CEO 💌❣️Où les histoires vivent. Découvrez maintenant