Mister CEO 💌❣️- 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟻

1.5K 286 15
                                    

Mister CEO ❣️💌❣️

❣️💌 .. Life Plays a
    Sweet Melody
And
    He Dances
To Its Tune .. 💌❣️

[05]

____________❣️____________

🦁 [WANG YIBO]

⁣"..ස...ර්....??"

YiBo ට තේරුණේ කවුරුහරි තමන්ව අල්ලගත්තා වගේ. කොල්ලා හැරුණේ ඇස් දෙක තඩි බෝල සයිස් කරන් තමන් දිහා බලන් ඉන්න Xiao Zhan ලගට.
'බලන් ඉන්න හැටි බනීයෙක් වගේ.. බනින්නවත් හිතෙනවද..?'

"..තමුන්ව හොයන්න තමයි මං ආවේ..?"

YiBo යක්ස වොයිස් එකෙන් කිව්වේ Xiao Zhan ඒ කටහඬට ගැස්සෙනවා බලාගෙන. ඒත් එක්කම YiBo දැක්කේ Xiao Zhan බිම බලාගන්නවා.

"..මම තමුන්ට උදේ මොනාහරි දෙයක් කිව්වා.."

YiBo අත් දෙක පපුවට බැඳගෙන කෙලින් වුනේ ඔළුව නමාගෙන ඉන්න Xiao Zhan දිහා බලාගෙන.

"..ඒ මිස්ටර්..! මං කතා කරනකොට මං දිහා බලන්න.."

එහෙම කිව්වට YiBo දැක්කේ ඔළුව උස්සපු Xiao Zhan ගේ ඇස්වල ලාවට නලියන කදුළු.

"..මෙතන වැලපෙන්න තියාගන්න එපා.. කරුණාකරලා මොනාහරි දෙයක් කිව්වනම් ඒක විතරක් කරනවා.. මම තමුන්ට වැඩ කරන්න කිව්වේ මගේ ෆ්ලෝ එකේ විතරයි.. මොනාද මේවා අස්සේ රිංගන් කරන්නේ..? යනවා දැන් ඔය ටික රූම් එකට දාලා.. හෙට අට වෙනකොට ඉන්න ඕන.. තත්පරයක්වත් පරක්කු වෙන්න බෑ.."

එක දිගට කියාගෙන ගිය YiBo හැරිලා ආයේ ලිෆ්ට් එකට නැග්ගේ ඇදුමේ උරහිසෙන් ලාවට කඳුළු පිහිදන බනී කොල්ලා දිහා බලාගෙන.
'මොනාද මේ මට වෙන්නේ..? මොන විකාරයක්ද මේ..? අනික මම GaY ත් නෙමෙයි.. මොන මගුලක්ද මේ..'

ඒත් එක්කම කොල්ලට මතක් වුනේ highschool කාලේ ගේම් එකකට මයික්ව කිස් කරන්න වුන හැටි. එතනින් පස්සේ කොල්ලට මතක් වු⁣නේ තමන් කොච්චර ගර්ල්ස්ලාව ⁣ඩේට් කරත් එකක්වත් සක්සස් වුනේ නැ කියලා.

කොච්චර අමතක කරන්න හැදුවත් කොල්ලට මතක් වුනේම කදුළු පිරිලා බල්බ් දාලා වගේ දිලිසුන බනී කොල්⁣ලගේ ඇස් දෙක. YiBo ට හිනා ගියේ ඔහු නොදැනුවත්වම Xiao Zhan ට දාපු නමට.

'මේක මෙතනින් නවත්තන්න ඕන.. හරියන්නේ නැති වැඩක් මේ.'

එහෙම්ම පහල⁣ට ගිය YiBo ⁣කෙලින්ම කාර් එකට නැග්ගේ YiBo ගේ ඩ්‍රයිවර් කාර් එක බිල්ඩින් එකෙන් එළියට අරන් යද්දි.

Mister CEO 💌❣️Where stories live. Discover now