ඔයාගෙ සුදු රෝස මල

416 66 6
                                    

මේකද හැම කතාවකම වගේ අවසානෙ...ඔයයි මමයි සතුටින්...අපි දෙන්න හිතනවටත් වඩා ආදරෙන් බැදිලා...ඉතින් මට වෙන මොනවද ඔනී....උදේ පාන්දරකට ඔයාගෙන් සොෆ්ට් කිස් එකක් අරන් බැනුන් අතරින්ම ආපහු ආපස්සට තදින් සිපගන්න එක මට පුරුද්දක් වෙලා...

බැදීමක් හටගන්නෙ වෙන්වීමක් ඉතුරු කරලා...මන් ඒක දන්නවා...ඒත් වෙන්වෙන්න බැරි තරන් මන් ඔයාට ආදරෙන් බැදිලා..පුලුවන්ද පොඩි වෙලාකට ඔයාගෙ ආදරෙන් මාව නිදහස් කරන්න මට පොඩි විවෙකයක් දෙන්න...මට හතී...ඔයාට ආදරෙ කරලා...ඒත් මහන්සි නැහැ...මන් ආසයි...ඒ විදියට...

මට නිකන් පිස්සු වගෙද....පිටින් බලන කෙනෙක්ට මේ හැමදේම පිස්සුවක්....ඒත් මට එයාට අපි දෙන්නගෙම ලෝකෙ මේක...කවදාවත් ඊට එහායින් වෙන ලොකයක් දකින්න ඔනි කමක් නෑ.හරියට අපි ඉන්න ග්‍රහලොකෙ හැර වෙන ග්‍රහලෝකයක් ගැන දැනගන්න තියෙන කම්මැලි කම වගේ....🙂

හැම සෙනසුරාදකම ඔයා ජන්කුක් එක්ක චෙකප් වලට යනවා...එතකොට මේ ගේ අස්සෙ මන් තනිවෙනවා....ඉස්සර තනියෙන් ඉදපු කිම් ටෙහ්‍යුන් ද මේ....ඔයා එන්න පැය ගනන් ගත වෙද්දි මන් ඔයාගෙ ෆොන් නම්බරෙ දිහා බලන් බාවනා කරන්න ගන්නවා...මට ඒක ටච් කරපු වෙලාවක් වත් ෆෝන් එක කනේ තියා ගත්ත වෙලාවක් වත් මතක නැහැ...මන් ගැස්සෙන්නෙ එහා පැත්තෙන් ජන්කුක් ඔයාගෙ ෆොන් එක උස්සද්දි...ඔයාගෙ ටේහ්‍යුන් ඒ තරමටම මොට්ටයෙක් සාරා..🙂

"හ්‍යුන් තාම විනාඩි තිහක් වත් ගිහින් නෑ එයා තාම ඇතුලෙ..." හැමදාම වගෙ ජන්කුකි එහ  පැත්තෙන් කෑගහනවා...අදත් මන් බලන් ඉන්නව මේ තුන් වෙනි වතාව මන් ජන්කුක්ට කෝල් කරන...

"ටේ......." ඔයා කතා කරද්දි මෙච්චර වෙලා නොසන්සුන් වෙලා තිබ්බ මුලු ඇගම නිවිලා යනවා...මන් හොද හුස්මක් පහත දාල ඒ හඩට අවනත වෙනවා...

"ඉක්මනින් එන්න මන් බලන් ඉන්නවා.." අහුලගත්ත වචන ටිකක් දිගැරල කලබලෙන් ෆොන් එක තියනවා...එයාට කතා කරන්න ඔන්නැත් කෝල් ගත්තෙ මොකටද මොට්ටයෝ මගෙ හිත කෑගහද්දි...මන් මගෙ ඔලුව තවත් කොට්ටෙට බර කරගන්නව....

ජන්කුකිගෙ කාර් එකෙ සද්දෙ ඇහෙද්දි එයා ඇවිත් කියල මන් දැනගන්නව...මට එයා ලගට යන්න ඔනි එයාව වඩාගෙන කියන්න ඔනි...මගෙ හැමදෙම...හැම සතුටම ඔයා කියලා...එවගෙම එයාගෙ දවසින් දවස ලොකු වෙන පුන්චි බන්ඩියටත්....❤️

🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)Kde žijí příběhy. Začni objevovat