One More Moment
( Fan Fiction Only )__________________________
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම ..
ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින ..
සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම ..
එළිය කළා මගෙ දිවියම රහසේම ..හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ ..
දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ..
හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස මල ..
කිම්දෝ හැර ගියේ නුඹ මා නොකියාම ..🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
~~~~~~~~~~~~~~~~
" තමුසෙට කොහෙන් ආපු හයියක්ද..? යනව යන්න මෙතනින්.. මගේ ජීවිතේ අයිති මට.. "
"" ඔයාට බෑ ඔහොම ආත්මාර්ථකාමී වෙන්න.. කොහොමද ඔයා කියන්නෙ ඔයාගෙ ජීවිතේ අයිති ඔයාට විතරයි කියලා.. ඔයාට ලැබිලා තියෙන මේ ජීවිතේට ඔයා සාධාරණයක් කරන්න ඕනේ.. ඔයාට බෑ ජීවිතෙන් පැනල යන්න.. අමාරුම කාලවලදි නිවැරදිම තීරණෙයි ගන්න ඕනේ.. ""
~~~~~~~~~~~~~~~~
මගේ ජීවිතේ අඳුරෙන් වැහිලා තියෙද්දි ඔයාට පුලුවන් වුණා අඳුර මගේ ජීවිතෙන් ඈත් කරල දාන්න..
දවසින් දවස ඔයා මගේ ජීවිතේ එළිය කළා..
එළිය වුණ මගේ ජීවිතෙන් මං හොයපු එකම දේ ආදරය..
ඒත්..,
මම ආත්මාර්ථකාමියෙක් වුණා..
එක දවසක් මට ඔයාගෙන් අහන්න පුලුවන් වුණා නම්..
සමහරවිට හැමදේම වෙනස් වෙන්න තිබුණා..
හැමදාම වගේ මම පරක්කු වැඩියි..
තව එක මොහොතක් තිබුණා නම්...,
...................
සමාවෙන්න මට.., තනියම දරාගන්න දුන්නට...
සමාවෙන්න මට.., තේරුම් නොගත්තට..
සමාවෙන්න මට.., අවසරයක් නැතුව ආදරේ කළාට..
________________________හායි..
_One More Moment_ මේ තමයි මගේ අලුත් කතාව. ☺️🤗 හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. මං උපරිම උත්සහා කරනවා හොඳ නිර්මාණයක් ඔයාලට දෙන්න..
.
.
.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාව රසික ප්රබන්ධයක් විතරයි. ඒ නිසා කතාව ඇතුළෙ ඔයාල ආදරේ කරන චරිතය බලාපොරොත්තු වෙන්න එපා. මොකද මම ලියන්නෙ එයාලගෙ ඇත්ත ජීවිතේ නොවන නිසා..😁
.
.
.
මම තාමත් මේ ක්ෂේත්රයට අලුත් කෙනෙක්.. ඔයාලා වැරදි අඩුපාඩු පෙන්නනව නම් මට පුලුවන් ඒවා හදාගෙනම ඉස්සරහට යන්න.. 😌
.
.
.
කතාව ඔයාලට දැනෙනව නම් vote එකක් Comment එකක් මට දීලා යන්න.. ඕතර් කෙනෙක්ට ලබන්න පුලුවන් සතුට ඒකනේ..😊❤️එහෙනම් පළවෙනි කොටසින් හම්බෙමු..
Fiction by _KIASA_
YOU ARE READING
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfiction🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...