One More Moment
( Fan Fiction Only )_______________________________
ජිමින් P.O.V
අප්පගෙන් දැනගන්න ලැබුණු දේවල් වලින් පස්සෙ මං කරන්නෙ මොනවද යන්නෙ කොහෙද කියලවත් මට හිතා ගන්න බැරි වුණා. මම ජියුනීට මගෙ පන වගේ ආදරේ කළා. එයා මට මං එයාට ආදරේ කළාට වඩා ආදරේ කළා කියලා දැනගත්තාම මට මං ගැනම දැනුනෙ කලකිරීමක් විතරමයි.
මට ඕනේ වුණේ මොහොතකට හරි සැනසෙන්න විදියක් විතරයි. ඒ නිසා හැමදාම වගේ මම මට සැනසීම තිබුණ තැනට ගියේ ඒ නිසයි.
ඒ වුණත් එතනදි මට ජන්ග්මිව දකින්න ලැබුණම මට මොහොතකට දැනුනා මට වැරදුනාදෝ කියලා. මොකද සෑහෙන්න වෙලාවක් අරක්කු බීලත් නොදැනුන සැනසිමක් සහනයක් ඒ මූණ දැක්කම ඒ කට හඩ ඇහුනම මට දැනෙන්න ගත්තා.
කාටවත් මෙල්ල කරන්න බැරි වුණ පාර්ක් ජිමින්ව එයාට පුලුවන් වුණා එක බැල්මකින් එක වචනෙකින් එක ස්පර්ශයකින් මෙල්ල කරන්න. මං එයාට අවනත වුණා. මං හිතන්නෙ ඒ එයත් මගේ ජීයුනී වගේ නිසා වෙන්න ඇති.
' ජියුනී මගෙම සහෝදරී නොවෙන්න පුලුවන් ඒ වුණත් මට තවමත් එයා මගේම නංගි.. මගෙ මැණික.. මගෙ ජීයුනී.. ඒක කවමදාවත් වෙනස් වෙන එකක් නෑ. '
ජන්ග්මිට මගේ තිබුණ දුක වේදනාව කියල ඉවර වෙනකොට මට දැනුන සැනසීම මට වචනෙන් කියන්න තේරෙන්නෙ නෑ. ඒක ඒ තමරන්ම සැනසීමක්.. එයාගෙ අප්පා හරි. එයා රෝසමලක්.., ආදරණීය රෝස මලක්.
' ක්ලබ් එකේදි මම හැසිරුනේ පිස්සෙක් වගෙයි. මම නිසා මගේ තියෙන ආත්මාර්තකාමිකම් නිසා ජන්ග්මිට කරදරයක් වෙන්න තිබුණා. මොනව වුණත් මං මොනව කලත් එයා කොහොමද මට මෙච්චර හොදින් සළකන්නේ.. මුකුත්ම නොවුණ ගානට ඉන්නේ.. '
මට මතක් වුණේ මම එයාගෙ බෙල්ල මිරිකගෙන හිටපු විදිය. මටත් නොදැනිම මම එයාව මට ලං කරගත්තෙ එයාට තුවල වෙලාද කියලා බලන්න වුණත් හැමදාම වගේ ඒ ඇස් මාව එයාගෙ ඇස් අස්සට ඇදලා ගත්තා. ඒ වුණත් එයා කළබලෙන් නැගිටලා මගෙන් ඈත් වුණා.
" අප්පා බලාගෙන ඇති මම යන්න ඕනේ.. "
ඒ වෙනකොටත් රෑ දොළහටත් ලං වෙලා තිබුණ නිසා මට ඕන වුණේ නෑ එයාව තනියම යවන්න. ඒ වුණත් මට පුලුවන් වුණෙත් නෑ එයාව ගෙදරට එක්කගෙන යන්න. ඒ නිසා මම ජන්ග්මිගෙ අකමැත්තෙන්ම එයාගෙ අප්පට කෝල් කළේ එයාව ඔෆිස් එකේ තියාගන්නව කියල හිතුන ක්ෂනික සිතුවිල්ල නිසයි.
YOU ARE READING
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfiction🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...