_Chapter 09_🥀

82 32 16
                                    

One More Moment
( Fan Fiction Only )

_______________________________

A/N

කෙල්ල අදත් සුපුරුදු පරිදි ෆයිල්ස් ගොඩකට යට වෙලා. මේ වෙනකොට අසනීප තත්වෙත් හොද අතට හැරිල තිබුණ නිසා කොච්චර වැඩ තිබුණත් කෙල්ලට ඒක ගානක් වුණේ නෑ. කෙල්ල ආස කළා වැඩත් එක්ක කාර්‍යබහුල වෙන්න. ඒ වුණත් කෙල්ලට වැඩ වලට හරි හැටි අවදානයක් දෙන්න බැරි වුණා.

" ආහ්හ් මට දැන් පිස්සු වගේ.. මේ මනුස්සය එළියට යන්න කල්පනාවක් නැද්ද අද.. "

ප්ලේ ඒරියා එකට වෙලා කකුල් දෙකත් උඩ තියාගෙන ස්නැක්ස් පැකට් එකකට අත දදා අරන් කන ගමන් වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන ජිමින් දිහා බලාගෙන කෙල්ල හිතුවා.

" එයා වැඩක් කරන්නෙත් නෑ. මට පාඩුවෙ මේක ඉවර කරගන්න දෙන්නෙත් නෑ. එක්කො sounds අඩු කරන්න ඕනේ. එහෙමත් නෑ.."

කෙල්ල අතේ තිබුණ ෆයිල් එක සද්දෙන් වහල දාන ගමන් ජිමින් දිහා ඔරවල බලනවත් එක්කම ජිමින් කෙල්ල දිහා බැලුවා.

" යාහ්.. මේ ඔහේ.. පොඩ්ඩක් එනව "

කෙල්ල දිහා බලාගෙනම ගේම් එක ස්ටොප් කරපු ජිමින් කෙල්ලට කතා කළා.

" හපොයි ඒ පාර මොකද දන්නෑ.. මං ඔරවනව දැක්කවත්ද..? "

ජිමින් ලගට ගාටන ගමන් කෙල්ල හිතුවා.

" ඉක්මනින් එනව හලෝ පාවෙන්නැතුව "

ජිමින්ගෙ සද්දෙට කෙල්ල හීයක් වගේ ජිමින් ලග.

" මගෙ ස්නැක්ස් එක ඉවරයි "

' ඉතින් මට මොකද්ද කියන්නේ.. '
කෙල්ල හිතුව විතරයි කියන්න ගියේ නෑ.

" මේ හලෝ මං තමුසෙට කතා කරන්නේ.. මගේ ස්නැක්ස් එක ඉවරයි. "
ජිමින් ආයෙම කෑ ගැහුවා.

" අහ් ජි..ජිමින්ශී.. "

" ජිමින්ශී නෙමෙයි හලෝ.. අන්න අතනින් මට ස්නැක්ස් එකක් ගෙනත් දෙනව "

ස්නැක්ස් මැෂින් එක පැත්තට අත දික්කරන ගමන් ජිමින් එහෙම කිව්වම කෙල්ල වයින් බෝනික්ක වගේ මැෂින් එක පැත්තට ඇදිලා ගියා.

~~~~~~~~~~

ජන්ග්මි කියන්නෙ මීට කලින් මේ වගේ කගෙවත් රූකඩයක් විදියට වැඩ කරපු කෙනෙක් නෙමෙයි. කෙල්ල ඕනම වෙලාවක අසාදාරණ දේවල් වලට විරුද්ධව කතා කළා. කෙල්ලට ඕන වුණේ ස්වාධීන වෙන්න මිසක් මේ වගේ කාගෙවත් ඉස්සරහ පහතට වැටෙන්න නෙමෙයි. ඒක මට හොදටම විශ්වාසයි. ජිමින් එක්ක නොරිස්සුමක් හිතේ කොනක තිබුණත් ජන්ග්මි ජිමින්ගෙ හැසිරීම ඉවසුවා. ආපු දවසෙ ඉදල මේ වෙනකන්ම වුණ හැමදේකින්ම පෙනුණෙ ජන්ග්මිගෙ ඉවසීම නෙමෙයිද..

One More Moment 🥀 || PJM ||  [ Completed ] ✔️Where stories live. Discover now