One More Moment
( Fan Fiction Only )_________________________
A/N
ජිමින්ගෙ අප්පා නැත්නම් මිස්ටර් පාර්ක් ඔෆිස් එකට ඇවිත් ගිහින් දවස් දෙකකුත් ගෙවිල ගිහින්. ජිමින්ගෙ කාර්යාල කාමරයේ වෙනද තිබුණ ඝෝෂාකාරීබව අතුරුදහන් වෙලා තිබුණා. ඉදලා හිටල ඇහෙන ෆයිල්ස් වල පිටු පෙරලෙන ශබ්දය ඇරුනම කාර්යාලයේ වෙනත් ශබ්දයක් නොතිබුණ තරම්.
ජන්ග්මි සෑහෙන වෙලාවක් බල බල හිටපු ෆයිල් එක වහල දාලා තමන්ගෙ මේසයට මූණලා තියෙන ජිමින්ගෙ ප්ලේ ඒරියා එක දිහා බැලුවා.
" ඒක පාලුවට ගිහින්.. "
තමන්ටත් ඇහෙන නෑහෙන ගානට මුමුණපු කෙල්ල තමන්ගෙ ඇස් දෙක මුලු ඔෆිස් එක පුරාම අරන් ගිහින් නතර කළේ ජිමින්ගෙ කාර්යාල මේසය ළග.
ජන්ග්මි P.O.V
' ප්ලේ ඒරියා එක විතරක් නෙමෙයි ඔෆිස් එකම පාලුවට ගිහින්.. ජිමින්ශී හිටිය නම් මෙතන මෙහෙම පාලුවට නොයන්න තිබුණා. ජිමින්ශීගෙ වැඩ කරදරයක් වුණත් එයා මට නරක විදියට සැලකුවත් ජිමින්ශී නැතුව ඔෆිස් එක අතෑරල දාලා පාලුවට ගිය චිල්රන්ඩ් පාර්ක් එකක් වගේ. '
' ජිමින්ශී ඇත්තටම එදා කොහෙද ගියේ..? ඇයි එයා තාම ආවෙ නැත්තෙ..? එදා එයා හිටියෙ හොදින් නෙමෙයි. එයාට කරදරයක්ද..? අනී.. වෙන්න බෑ.. ඊට පස්සෙ මට යුන්ගිශීව මුණ ගැහුනෙත් දෙවතාවයි. ඒකත් මීටින්ග්ස් වලදි.. ඔෆිස් එකේ කවුරුත් ජිමින්ශී ගැන කතා කරන්නෙත් නෑ. '
" මං.. මං යුන්ගිශීගෙන් ජිමින්ශී ගැන අහන්න ඕනෙද..? "
එදා සිද්දියෙන් පස්සෙ ඔෆිස් එකෙන් ගිය ජිමින්ශී දවස් දෙකක් ගිහිල්ලත් ආයෙම ආවෙ නෑ. ඒක මගෙ හිතට ගෙනාවෙ ප්රශ්න ගොඩක් විතරක්ම නෙමෙයි. ජිමින්ශී නැති ඔෆිස් එක ඇත්තටම පාලුවෙන් පිරුණ තැනක් කියල මට තේරුණා.
Two Days Ago
A/N
අප්පගෙන් ලැබුණ අතුල් පහරෙන් පස්සෙ තවදුරටත් කාමරේ නොහිට එළියට යන්න ආපු ජිමින් නොහිතපු විදියට ජන්ග්මිගෙ ඇගේ වැදුනා. ජන්ග්මි අතේ තිබුණ කැපිචුනෝ එක ජන්ග්මිගෙ විතරක් නෙමෙයි ජිමින්ගෙත් සුදුපැහැති කමිසය පුරාම ඉහිරිලා තිබුණා.
YOU ARE READING
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfiction🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...