_Chapter 02_🥀

154 39 29
                                    

One More Moment
( Fan Fiction Only )

____________________________

Next Day Morning

A/N

උදෙන්ම අප්පවත් අරගෙන සෝල් ජාතික රෝහලට ආපු ජන්ග්මී අප්පව ඩොක්ටර්ට යොමු කරලා පරීක්ෂණ වාර්තා ලැබුණට පස්සෙ පුද්ගලිකවම ගිහින් ඩොක්ටර්ව මුණගැහුනෙ අප්පගෙ තත්වෙ කොහොමද කියලා දැනගන්න.

" චුනාචිම් ඩොක්ටර් හෝසොක්.. දැන් මගේ අප්පගෙ තත්වෙ කොහොමද.?"

" චුනාචිම් ජන්ග්මිශී.., මෙහෙමයි කලබල වෙන්න එපා.. ඔයා මේ situation එකට කොහොමත් මූණදෙන්න ඕනේ. ඒ නිසා ශක්තිමත් වෙන්න. අප්පාගෙ දැන් තත්වෙ ඒ තරම් යහපත් නෑ. මොකද එයා තුන්වෙනි වතාවටත් last time attack එකෙන් හරිම වාසනාවන්ත විදියට බේරුනා. ඒක කලාතුරකින් වෙන දෙයක්. ඉතින් ඔයාට තේරෙනවනෙ මං කියන දේ. මිස්ටර් කිම්ව ගොඩාක් පරිස්සමින් බලාගන්න. එයාව සතුටින්ම තියන්න ජන්ග්මීශී. ඔයාට එයා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ කරන්න.."

ඩොක්ටර්ගෙ වචන කෙල්ලගෙ කන්වලට ඇහෙද්දි කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුනෙ තමන්ට මේ ලෝකෙ ඉන්න එකම කෙනා වෙච්ච අප්පත් එයාගෙන් ඉක්මනින්ම සදහටම ඈත් වෙයි කියලා දැනුන බය නිසයි..

කාලයක් තිස්සෙ ඉදලා කිසිම කෙනෙක් ඉස්සරහ පිට තමන්ගෙ කදුලු එළියට නොදෙන්න තීරණය කරලා තිබුණ ජන්ග්මිට ඒ වෙලාවෙ එයාගෙ කදුලුවල පාලනය ගිලිහිලා තිබුණා. නැවැත්මක් නැතුවම ජන්මිගෙ ඇස්වලින් උණුසුම් කඳුළු කැට මූණ පුරාම ගලාගෙන ගියා. එයාට කතා කරන්න ඕනෙ වුනත් එයාට කතා කරගන්න බැරුව ගියා.

~~~~~~~~~~~~~~~

දරුවෙක්ට දෙමව්පියෝ කියන්නෙ මේ ලෝකෙ වටිනම වස්තුව. ජන්ග්මිට හිටියෙ අප්පා විතරමයි. ඉතින් ජන්ග්මිගෙ මේ කඳුළු සාධාරනයි නේද..?

~~~~~~~~~~~~~~~

" ජන්ග්මියා.. චේබාල් සන්සුන් වෙන්න. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්. ඒත් ඔයා මේ වෙලාවෙ මේ විදියට දුර්වල වෙලා බෑ.. ඔයා දුර්වල කෙනෙක් නෙමෙයි. ඒක මං ගොඩාක් හොදට දන්නවා. අප්පා ගැන හිතන්න. ඔයා දුකෙන් ඉන්න එක එයාට තවත් වේදනාවක්. බය වෙන්න එපා මං මගේ උපරිමය කරනවා.."

One More Moment 🥀 || PJM ||  [ Completed ] ✔️Wo Geschichten leben. Entdecke jetzt