_Chapter 22_🥀

112 36 37
                                    

One More Moment
( Fan Fiction Only )

______________________________

A/N

" යාආහ් යාආහ් යාආහ්... ඔහොම ඉන්නවල මාත් එනකන්.. "

" හරාබොජිලා ඔයාට වඩා හොදයි හ්‍යුන්.. "

" යාආහ් ජිමිනා.. ඉන්නව ඔහොම.. "

යුන්ගි හිටියේ නොයෙකුත් ගමන් වල නිරත වෙලා ඉන්න මිනිස්සු අතරින් ඉදිරියට ඇදෙන ජිමින් වගේම ජන්ග්මි පිටිපස්සෙන් කෑගගහා දුවන ගමන්..

ශීත ඍතුවෙන් ලද ආරාධනාවෙන් පැමිණි වසන්තය ඇතැමුන්ට සොදුරු මතකයන් ගොන්නක් රැගෙන පැමිණියත් ඒ වසන්තයම ඇතැමුන්ට රැගෙනවිත් තිබුණේ වේදනාත්මක මතකයන් විතරක්ම වෙනකොට වසන්තයේ නික්මයාමත් සමග පැමිණි ගිම්හානය කෙතරම් උණුසුම් වුවත් සැමට සැනසීමක් ගෙනෙන්න මහත් වෙහෙසක් දැරුවා. දැරූ වෙහෙසෙ ප්‍රතිඵලයක් විදියට සොදුරු සරත් ඍතුවක් සැමට තිළිණ කර නික්ම යාමට ගිම්හානය කරුණික වෙලා තිබුණා.

රතු තැඹිලි කහ මිශ්‍ර වුණු ජේජු පරිසරය දකින ඕනම කෙනෙකුගෙ මනසට ගෙනාවෙ සැනසිලිදායක හැගීමක්. සමස්ත දකුණු කොරියාවම වගේම එහිම කොටසක් වුණු ජේජු දූපතත් සරත් ඍතුවෙ පැමිණීමෙන් උද්දාමයට පත්වෙලා තිබුණා.

ඕනම හදවතක් සීතලේ මිහිරියාවෙන් පුබුදුවන්නත් ඕනම හදවතක් සීතලේ කටුකබවින් ගල් කරලා දාන්නත් පුලුවන් කාරුණිකද අකාරුණිකද කියලා නම් කළ නොහැකි ශීත ඍතුවක පැමිණීම මුව අග තියාගෙන පැමිණ ඇති සරත් ඍතුවේ ආශිර්වාදය ලබමින් ජේජු වල හැමදෙනාම ජීවිතේට අලුත් මතකයන් එකතු කරගනිමින් හිටියා. විශේෂයක් වුණේ ජේජුවල ඒ විදියට මතක එකතු කරගන්න අය අතර ජිමින් වගේම ජන්ග්මිත් කොටස්කාරයො වෙලා තිබුණ එක.

" ජන්ග්මියා එන්න.. හ්‍යුන්ට කලින් අපි යමු.. "

" ඔප්පත් එනකන් ඉමුකො ජිමින්.. "

" හ්‍යුන් අකමැතිම වැඩක් තමයි දුවන එක.. අද තමයි එයා ජීවිතේ වැඩියෙන්ම දුවන දවස.. "

එහෙම කියන ගමන් ජිමින් ජන්ග්මිගෙ දකුණු අතේ මැණික් කටුව ලගින් අල්ලගෙන කෙල්ලවත් ඇදගෙනම වගේ ඉස්සරහට දුවන්න ගත්තෙ පිටිපස්සෙන් කෑගගහ එන යුන්ගි දිහා බලලා හිනා වෙනගමන්.

One More Moment 🥀 || PJM ||  [ Completed ] ✔️Donde viven las historias. Descúbrelo ahora