One More Moment
( Fan Fiction Only )______________________________
A/N
" මට හ්යුන් එහෙම කතාවක් කිව්වෙ නෑනෙ.. ඒ කියන්නෙ සොන්ගන්ග් කොලෙජ් එකේ හිටපු බැට්ස් කින්ග් අන්තිටම බැට් එකකින් පරාද වුණා.. "
" යාආආහ් යාආආහ්..! "
ටේහ්යුන්ග් එහෙම කියල හිනා වෙද්දි ජිමින් අඩියට දෙකට ටේහ්යුන්ග් ලගට ගිහින් බෙල්ලෙ එල්ලුනේ කෑගහන ගමන්..
කාර්යාල කාමරයට පිවිසෙන දොර ළග නතර වුණු ජන්ග්මිට ඇතුලෙන් ඇහුන නම වගේම නමේ අයිතිකාරයගෙ කටහඩත් අදුන ගන්න වැඩි වෙලාවක් ගත වුණේ නෑ.
" ට්..ටේ ඔ..ප්පා.. "
තමන්ගෙ සවන් ලග උදේ හවස ඇහුන ඒ ගැඹුරු කටහඩ කෙල්ලට ජිමින්ගෙ කාර්යාල කාමරයෙන් ඒ විදියට ඇහුනත් ඒ ඉන්නෙ තමන් හිතන කෙනාමද කියලා කෙල්ලට බලාගන්න ඕන වුණත් කෙල්ල ඒකට පසුබට වෙනබවක් පේන්න තිබුණා.
" යාහ් යාහ් අතෑරපන් මාව.. උඹ දැන් අර ඉස්සර හිටපු බටු ඇටේ නෙමෙයිනේ.. "
එහෙම කියන ගමන් ජිමින්ව ඉනෙන් උස්සල එහාට කරපු ටේහ්යුන්ග් එතන තිබුණ සෝෆා එකකට පැන්නා.
" එයා ලස්සනයිද ජිමිනා..? "
තමන් ඉස්සරහින් හිටගෙන සාක්කු දෙකට අත්දෙක දාගෙන හිටපු ජිමින්ගෙන් ටේහ්යුන්ග් එහෙම අහද්දි ජිමින්ගෙ මූණෙ හිනාවක් ඇදුනත් ජිමින් ඒක වහ ගන්න යට තොල හපාගද්දි ටේහ්යුන්ග් ආයෙම වතාවක් මහ හයියෙන් හිනා වුණා.
" මනමාලකම බලපන්කෝ.. "
" යාආආආහ්... "
" අරස්සෝ අරස්සෝ.. බෙරිහන් නොදී කියපන්කො කෙල්ල ලස්සනද..? "
ටේහ්යුන්ග් හිනාව නතර කරල එහෙම අහද්දි ජිමින් ටේහ්යුන්ග්ගෙ දකුණුපසින් ඉදගත්තා.
" එයා..., සුරංගනාවියක් වගේ ටේහ්යුනා.. "
ජිමින් එහෙම කිව්වත් ටේහ්යුන්ග් ඒකට ප්රතිචාර නොදක්වා ජිමින් දිහා බලාගෙන හිටියා.
" උඹ දන්නවද ටේහ්යුනා මම පිස්සෙක් වගේ මගේ ජීවිතේ අතාරිද්දි එයා මාව පුදුම විදියට ආරක්ෂා කළා.. මම එයාට එකපිට එක වෙනස්කම් කරද්දි එයාට රිද්දද්දි එයා ඒ හැමදේම ඉවසගෙන මගෙ ලගින් හිටියා.. මට තනිකම දැනෙන හැම වෙලාවකම, ඒ මහ රැයක් වුණත් දවාලක් වුණත් වැස්සක වුණත් හිම කුණාටුවක වුණත් එයා මං ලග හිටියා ටේහ්යුනා.. "
YOU ARE READING
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfiction🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...