One More Moment
( Fan Fiction Only )___________________________
ටේහ්යුන්ග් P.O.V
ආආආහ් මොකද්ද මට මේ දැනෙන හැගීම. ඇයි මට මේ වතාවෙ එයාව දාල යන්න මේ තරම්ම අමාරු. වෙනදත් මං ගිහින් ආවනේ.. සමහරවිට ටිකක් ලොකු කාලෙකට යන නිසා වෙන්න ඇති. එයා පරිස්සමින් ඉදීවි. එයා නොදන්නවා වුණත් එයා ජොබ් එකට යන්නේ මගේම තැනකට. ඒ නිසා මං එයා ගැන බය වෙන්න ඕනේ නෑ. එයාට එතන ඕනවටත් වඩා ආරක්ෂාව තියෙයි. ඒක මට විස්වාසයි.
සමාවෙන්න මගෙ මැණික ඔයාට ඒ ගැන නොකිව්වට. මං ඒ ගැන ඔයාට කිව්ව නම් සමහරවිට ඔයා එතනත් ජොබ් එක නොකරන්න තිබුණා. මං ගිහින් ඇවිත්ම ඔයාට හැමදේම කියන්නම්. ලොකුම ලොකු සප්රයිස් එකකුත් එක්කම හැමදේම ඔයාට පැහැදිලි කරන්නම්..මං එනකම් පරිස්සමින් ඉන්න.
" සර්, අපි airport එකට ආවා."
" හරි සීජොන් අපි යමු."
📲📲📲📲📲📲📲📲📲📲
" ටිකක් ඉන්න සීජොන්."
" යොබුසේයෝ.."
" යාහ්.. ටේහ්යුනා උඹ කොහෙද.? "
" මං airport එකේ බං."
" උඹ යනවද එහෙනම්.?"
" ඔව් බං. මියාන්හේ. මට එන්න බැරි වුණා. ආයෙම ආපුගමන් මං එන්නම්. "
" ඒකට කමක් නෑ. යන වැඩ ටික හොදට කරගෙන පරිස්සමින් වරෙන්. "
" හරි හරි කොටෝ.. මං පරිස්සම් වෙන්නම්. මගේ පරිස්සම ගැන හිතන්න කලින් උඹ පරිස්සම් වෙයන්. අප්පත් එක්ක එකට එක කරන්න යන්න එපා බං. එයාගෙ හැටි දන්නවනෙ. මමත් නෑ. ඒ නිසා ශේප් එකේ හිටපන්. අනික ක්ලබ් ගානෙ ගිහින්.........."
"හෝ හෝ හෝ දේශනා එපා. ගිහින් වරෙන්. වැඩිම වුණොත් මාත් මැරිලා ඉදී. "
" පිස්සු කියවන්න එපා ජිමිනා.. පරිස්සමින් හිටපන්."
" ඕකේ. උඹත් පරිස්සමින් ගිහින් වරෙන්. එහෙනම් මං තිබ්බා. "
ආයිශ්.. තිබ්බ නේද.. මූ නම් කවදාවත් මං අන්තිම වචනෙ කියනකම් ඉන්නෙ නෑ. පුදුම තදියමක් තියෙන්නෙ. ඔය තදියම නිසාමයි මේකා දාගන්න තරමක් ලෙඩ දාගන්නේ.
ESTÁS LEYENDO
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfic🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...