_Chapter 12_🥀

84 30 16
                                    

One More Moment
( Fan Fiction Only )

____________________________

A/N

කෙල්ලගෙ උදව්ව ගානකට නොගත්ත ජිමින් අමාරුවෙන් උනත් තනියම ඇවිදන් ගිහින් තමන්ගෙ කාර්යාල මේසයට වාරු වුණා. ජන්ග්මි තවමත් එතනමයි. කෙල්ලගෙ ඇස් නැවතිලා තිබුණෙ ජිමින්ගෙ තුවාල වුණු කකුල ළග.

ආයෙම ජිමින් උත්සහ කළේ සෝෆා එක දිහාට ඇවිදින්න. ඒත් නොහිතපු විදියට ජිමින්ට වාරු නැතිව වැටෙන්න යද්දි කෙල්ල ජිමින් ලගට දුවගෙන ගිහින් ජිමින්ව වැටෙන්න නොදී අල්ල ගත්තා.

" ජිමින්ශී මං උදව් කරන්නම්. "

ජන්ග්මි එහෙම කිව්වත් ජිමින්ගෙන් ඒකට පිළිතුරක් ලැබුණෙ නෑ. නමුත් කලින් වතාවෙ වගේ ජිමින් ජන්ග්මිගෙ උදව්ව නොසලකා හැරියෙත් නෑ.

ජන්ග්මිගෙ වාරු ඇතිව සෝෆා එක ලගට ආව ජිමින් එතන ඉදගෙනම වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න ගද්දි ජන්ග්මි තමන් කරමින් හිටපු වැඩේට ආයෙම වතාවක් අවදානය දුන්නා.

' දැන් තමයි මේ ඔෆිස් එක ඔෆිස් එකක් වගේ දැනෙන්නෙ. '

එහෙම හිතෙද්දි ජිමින් දිහා බලාගෙන හිටපු කෙල්ලගෙ මූණට මදහසක් එකතු වුණා.

නියමිත වැඩ අවසන් කරපු ජන්ග්මි තමන්ගෙ කලු පැහැති බෑගද අතැතිව ජිමින් දිහාට අඩි මැන්නා. ජිමින්ගෙ අවදානය කෙල්ලට ලැබුණෙ නෑ. ඒ වුණත් කෙල්ල කතා කළා.

" ජිමින්ශී අලුත් ප්‍රොජෙක්ට් එක ඇපෲ කරන්න ජිමින්ශීගෙ සයින් එක ඕනේ. ටේබල් එක උඩ තියෙන සේරම ෆයිල්ස් මම ඩබල් චෙක් කළා. ඒ ටික හෙට වෙද්දි බාර දෙන්න ඕනේ. "

ජිමින් තවමත් නිහඩයි. කොල්ල හිටියෙ ගේම් එක ඇතුලෙ තමනුත් එක ෆයිටර් කෙනෙක් කියල හිතෙන තරමටම ඒකට ඇබ්බැහි වෙලා.

" එහෙනම් මම යන්නම් ජිමින්ශී. "

ජිමින්ට එහෙම සමුදුන්න ජන්ග්මි ආයෙම යන්න හැරුනත් ඒ එක්කම ජිමින් කෙල්ලට කතා කළා.

" ඔහොම ඉන්නවා. "

ජිමින්ගෙ හඩ එක්කම කෙල්ල ආපහු හැරිලා බැලුවෙත් ජිමින් සෙල්ලම නතර කරල කෙල්ල දිහාවට හැරුනෙත් එකම වෙලාවෙමයි.

One More Moment 🥀 || PJM ||  [ Completed ] ✔️Wo Geschichten leben. Entdecke jetzt