One More Moment
( Fan Fiction Only )___________________________
A/N
" අප්පා... දූරියා... මං ආවා.. "
අමාරුවෙන් මූණට මවාගත්තු හිනාවක් එක්ක ගෙදර ආපු කෙල්ල අප්ප ලගට දුවගෙන ගිහින් අප්පව වැළද ගත්තා. වෙනසක් නැතුවම ඒ අතරට පැනපු දූරිත් කෙල්ලගෙ කකුල් දෙක ලෙව කෑවෙ තමන්ගෙ ආදරණීය යාලුවා මුලු දවසකටම පස්සෙ ගෙදර ආපු සතුට අගවන්න වගේ.
ටික වෙලාවක් තමන්ගෙ පළවෙනි දවස ගැන අප්පත් එක්ක කතා කර කර හිටපු කෙල්ල කාමරේට ආවෙ අප්පට කියන්න වුණ බොරු ගැන පසුතැවිලි වෙනගමන්.
'මියාන්හේ අප්පා අද පළවෙනි වතාවට ඔයාට මං බොරු කිව්වා. මියාන්හේ.. මට ඕනේ නෑ ඔයාට රිදෙනව දකින්න. මට පුලුවන් වෙයි ආයෙම ඔයාට බොරු නොකිය ඉන්න.. ඒ නිසා අදට විතරක් මට සමාවෙන්න අප්පා.. '
වොෂ් කරගෙන කෑම සූදානම් කරලා අප්පට කෑම කවන ගමන් කෙල්ල අප්පගෙ මූණ දිහා බලාගෙන මුලු හදවතින්ම දහස්වතාවකට සමාව ගන්න ඇති.. ඒ අප්පගෙම හොදට කියල කියපු බොරු ගැන පසුතැවිලි වෙනගමන්.
___________________________
Next Day Morning
" වාහ්.. ඔයා අදත් ඇවිත්නේ.. "
" ඕහ්.. ආහ්ම් මට තේරුණෙ නෑ. "
කෙල්ල හිටියෙ Elevator එක බලාපොරොත්තුවෙන්. එතනට ආපු මැදි වයසෙ පිරිමි කෙනෙක් කෙල්ල දිහා බලල හිනා වෙලා කියපු දේ කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වුණේ නෑ. කෙල්ල පෙරලා ප්‍රශ්න කළේ ඒකයි.
" Ok first of all මං ඔයාට මාව හදුවල දෙන්නම්කෝ.. මං හන්ජේ.. සොන්ග් හන්ජේ.. "
" නේ.. අන්‍යොංහාසේයෝ හන්ජේශී.. මම ජන්ග්මි.. "
හන්ජේ හිනාවෙන ගමන් කෙල්ලට අත දුන්නේ කෙල්ලව අදුර ගන්න හිතාගෙන නිසාම කෙල්ලත් කෙල්ලව හදුන්වලා දුන්නෙ මුව පිරුණු හිනාවකින් හන්ජේට සංග්‍රහ කරනගමන්.
" ඔයා අදත් එයි කියල අපි කවුරුවත් විශ්වාස කළේ නෑ. "
" ඇයි එහෙම කියන්නෙ හන්ජේශී..? "
" නෑ සාමාන්‍යයෙන් අපේ සර් එක්ක ගෑණු ළමයෙකුට තියා පිරිමි කෙනෙක්ටවත් වැඩ කරන්න බෑ. ඒක හරිම අමාරු වැඩක්.. "
ESTÁS LEYENDO
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfic🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...