One More Moment
( Fan Fiction Only )__________________________
ජිමින් P.O.V
සීමාව ඉක්මවලා ඩ්‍රින්ක්ස් ගත්තු මම හැමදාමත් වගේ යුන්ගි හ්‍යුන්ගෙ උදව්වෙන් මගේ ඔෆිස් එකේම තිබුණ රූම් එකට ඇවිත් එහෙමම වැටිලා නිදාගත්තා. පහුවදා උදේ පාන්දරම හ්‍යුන්ගෙන් ආව කෝල් එකකින් මං ඇහැරෙනකොට උදේ අටත් පහුවෙලා තිබුණා. කලින් දවසෙම මට අද තියෙන ඉම්පෝටන්ට් මීටින්ග් එක ගැන හ්‍යුන් කියලා තිබුණත් කලින් දවසෙ ගත්තු ඩ්‍රින්ක්ස් වල තිබ්බ පවර් එකට මට ඒක අමතක වෙලා ගිහිනුයි තිබුණේ.
මීටින්ග් වලට යන්න තරම් මට මූඩ් එකක් නොතිබුණත් හ්‍යුන්ව අමාරුවෙ දාන්න බැරිකමට මම් ඒ මීටින්ග් එකට යන්න තීරනය කළා. ඇදෙන් නැගිටලා ගිහින් සීතල වතුරෙන් වොශ් එකක් දාගෙන ලෑස්ති වුණත් හ්‍යුන් එන පාටක් නොතිබ්බ නිසාම මං රූම් එකෙන් එළියට ගියේ කෑගහන ගමන්.
එළියට ගියාට පස්සෙයි මට මතක් වුණේ දැන් මට සෙකට්‍රි කියල හොර පූසෙකුත් ඉන්නවයි කියලා. ඒ කෙල්ලව දැක්කම උදේ පාන්දරම මගේ ඇගේ ලේ ටික ආයෙම රත් වෙන්න ගත්තා. බලන් ඉන්න හැටි ගල් ගිල්ල වගේ..
" මොකද හලෝ හොල්මනක් දැක්ක වගේ බලන් ඉන්නේ..? "
මගේ කෑ ගැහිල්ලට කෙල්ල ආයෙම සීට් එකට ගිහින් ෆයිල්ස් අවුස්සන්න ගත්තා.
' මීටින්ග් එකට යන්න නම් මම මේ කෙහෙල්මල් ටයි එකදාගන්න ඕනේ.. ඒත් කොහොමද.. ආයිශ් ඇයි හ්‍යුන් තාම ආවෙ නැත්තෙ.. එයා උදේ කෝල් කළානේ.. '
මං මගේ හිතත් එක්කම කතා කරන ගමන් උපරිම ට්‍රයි කලා ටයි එක දාගන්න. හ්‍යුන්ට කෝල් කලා එන්නෙ නැද්ද අහන්න.. ඒත් බැරිම තැන මං අර කෙල්ලගෙන් හ්‍යුන් ගැන ඇහුවම උත්තරේ වුණේ හ්‍යුන් එන්නෙ නෑ කියන එක. ආපු තරහට මීටින්ග් එකත් කැන්සල් කරන්න කියලා ටයි එකත් පොළොවෙ ගහල මං ආයෙම රූම් එකට ආවා.
ලොකු වෙලාවක් ගියේ නෑ යුන්ගි හ්‍යුන්ගෙන් කෝල් එකක් ආවා.
" යාහ් ජිමිනා තමුසෙ හදන්නෙ මං පන යනකන් මහන්සි වෙලා ගොඩ දාගත්තු වැඩේ නැති කරල දාන්නද.. තමුසෙ දන්නවද ඕක හරියටම කර ගන්න මං කාපු කට්ට ආහ්..? "
YOU ARE READING
One More Moment 🥀 || PJM || [ Completed ] ✔️
Fanfiction🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස...