"තමුන්... තමුන් මොන හයියක් අරගෙනද? කාගෙ හයියකටද කොල්ලෙක් එක්ක යාලු උනේ ජන්කුක්!!!"
ජන්කුක් ගෙ පියා ජියොන් මහතා මහ හයියෙන් කෑ ගහන ගමන් ජන්කුක් ට විසි වෙලා ගිහින් බිම වැටෙන්න තරම් වේගයෙන් කම්මුල් පාරක් ගැහුවා."තා...ත්..තා"
තම පියාගෙ රෞද්‍ර මූණ දෙස බලන ගමන් පුංචි හා පැටියෙක් වගේ අයිනකට ගුලි උන ජන්කුක් ඉකි බිඳින ගමන් කෙඳිරි ගෑවෙ තම පියා ගැන බයෙන්. ජන්කුක් හොදින්ම දැනගෙන හිටියා තමන්ගෙ පියාගෙ තරම. ඔහුට තරහා ගියාම ඔහු පෙරදී හැසිරිලා තියන විදිය ඔහුව බය කලා.ජන්කුක් බය උනා. ඔවු හුගක් බය උනා. පුංචි පුංචි වරදවල් වලට පවා දඩුවම් කරපු තමන්ගෙ තාත්තා , ඔහුගෙ දෘෂ්ටි කෝණයෙන් බර පතල දෙයක් උන "ආදර සම්බන්ධතාවක් පටන් ගැනීම" කියන කාරණාවෙදී මොන වගේ විදියට හැසිරෙයි ද කියලා ජන්කුක් බය උනා
"තමුන් කොහොමද කොල්ලෙක් එක්ක යාලු උනෙ...? ආ..? තාම විභාග හරියට කරගෙනත් නෑ... කොල්ලෙක් එක්ක රෝන්දෙ ගහලා තමුන්ට අනාගතයක් නැති කර ගන්නද ඕනෙ...? "
ජියොන් මහතා ආයෙමත් කෑ ගහනකොට ජන්කුක් කකුල් දෙකත් පපුව අස්සට තද කරගෙන ගොඩක් තදින් ගුලි උනේ මේ වෙලාවෙදී තමන්ගෙ පෑරුනට හිත තමන්ගෙ පෙම්වතා ඇවිත් බෙහෙත් දැම්මා නම් කියන ආසාවෙන්. තමන්ගෙ පුපුරු ගහන කම්මුල් දිගෙ ඒ තොල් දෙක ගෙන ගියා නම් කියන ආසාවෙන්."තාත්තා.. ම...ම එයාට ගොඩක් ආද...."
"කට වහ ගන්නවා"
ජන්කුක් ගොත ගහ ගහ යන්තමින් වචන ගලපා ගන්න කරන උත්සාහය නැත්තටම නැති කරලා දාපු ජියොන් මහතා ජන්කුක් ලගට එනකොට ජන්කුක් තව තවත් ගුලි උනා."නැගිටිනවා"
ඔහු කිව්වෙ ජන්කුක් ගෙ මූණට එබෙන ගමන්."සම්බන්දෙ නතර කරපන් ඒ කොල්ලත් එක්ක තියන"
ඔහු කීවේ ජන්කුක් ගෙ හදවත දරා ගන්න ගොඩක් අමාරු වේදනාවකින් බර වෙනකොට. ජන්කුක් හිමීට තමන්ගෙ පපුවට අත තිබ්බා.මේ පපුව ගැහෙන්නෙ කවුරු වෙනුවෙන්ද?
ජන්කුක් ගෙ හුස්ම වැටුනෙ කවුරු වෙනුවෙන්ද?
ජන්කුක් ගෙ පපුව එදත් අදත් ගැහුනෙ කවුරු වෙනුවෙන්ද?
කවුරු වෙනුවෙන් විතර?
YOU ARE READING
𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓
Fanfictionඑක රැයකින් හැමදේම වෙනස් උනේ හරි පුදුම විදියට...... •Jikook love •translation •boyXboy •Male preg Top Jimin Bottom JK Started date - 31 Dec 2021 Completed date - 02 Feb 2022