05

1.2K 311 45
                                    

"තාත්තා.....?"

"ජන්කුක්..... I miss you my son... කොහෙද මෙච්චර කාලයක් ගියේ දරුවො... මාව දාලා ඇයි ගියෙ.?  මම කොච්චර හෙව්වද ඔයාව ජන්කුක්..? මාව නිකමටවත් නැතිද ඔයාට මතක් උනේ වත්.. ඔයාගෙ තාත්තා කොච්චර බය උනාද කියල දන්නවද ජන්කුක්...? කොල්ලෙක් එක්ක පැනලා එන වයසක් ද මේ...?"

එක දිගට කියවන ගමන් ජන්කුක් ගෙ උරහිස් වලින් තද කරගෙන ජන්කුක් ඇස් ලොකු කරගෙන ඔහු දිහා බලාගෙන හිටියෙ හැගීමයක් නෑ වගේ...

ඔව්... ජන්කුක් තමන්ගෙ පියා ට ගොඩක් ආදරය කලා. ඒත් ඒ ආදරය නිසා තමන්ගෙ පෙම්වතාව මග අරින්නට ජන්කුක් ට බැරි උනා. දෙමාපිය ආදරය ජන්කුක් ට හුගක් ඕනෙ උනා. ඔව්. ඒක ඇත්ත.... ඒත් ජන්කුක් තමන්ගෙ හ්‍යුන්ට තමන්ගෙ ජිමින් ට කියා ගන්න බැරි තරමේ සෙනෙහසක් දැක්වුවා.

පුංචි කාලෙ ඉඳන් තාත්තා පණවපු නීති යටතෙ අණ කිරීම් යටතෙ , ආදරය බිඳක් වත් නොගෑ වුන නිවසක කාමරයක් ඇතුළෙ ඇති දැඩි උන ජන්කුක් ජිමින් තමන්ට දුන්න ආදරයට ලෝබ උනෙ අන්න ඒ නිසයි. ජන්කුක් ට මිදෙන්න බැරි වෙන තරමටම ජිමින්ට ඔහු බැඳුනෙත් අන්න ඒ නිසයි.

"තාත්තා...."
ජන්කුක් බිම බලාගෙන හිමීට කෙඳුරන ගමන් ඔහුගෙ පියාට ගේ ඇතුලට එන්න ඉඩ දෙන්න ටිකක් එහාට උනා.

"තාත්තා... මට සමා....."

"කෝ පුතෙ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්..."
ජන්කුක් ගෙ තාත්තා ජන්කුක් ට කතා කරන්න ඉඩ නොතියාම කියනකොට ජන්කුක් තොලත් යන්තමින් හපාගෙන තාත්ත දිහා බලාගෙන හිටියා.

"කඩේට ගි...යා.."
ජිමින් ආවම තාත්තා ඔහුට නොසෑහෙන්න බනියයි දෝ කියන බයෙන් ජන්කුක් කියනකොට ඔහු කිසිවක් කියන්නෙ නැතිව ඔලුව හොලවලා බලේටම වගේ ඇතුලට ආවා.

"තාත්....තා ම.ම....."
ජන්කුක් යමක් කියන්නට තැනුවත් එක සැරේටම ජන්කුක් ට උගුරට ආව ගිලගෙන හිටපු ඔක්කාරය නිසා ජන්කුක් කටත් අතින් වහගෙන බාත් රූම් එකට දිව්වෙ ජන්කුක් ගෙ පියා ජන්කුක් ගෙ නම කියලා කතා කරන ගමන් පස්සෙන් දුවගෙන එනකොට.

බාත් රූම් එකට ගිහින් සින්ක් එකට බර වෙලා වොමිට් කරන ජන්කුක් ව දැක්ක ජන්කුක් ගෙ තාත්තා එක සැරේටම බය උනේ ජන්කුක්ගෙ හිත කොච්චර දුර්වල උනත් ශරීරය අතින් ඔහු ශක්තිමත් කෙනෙක් නිසා.

𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓Where stories live. Discover now