හිමීට නැගිටපු ජන්කුක් පාර දිගෙ ඇවිදගෙන ආවත් ජන්කුක් ට දැණුනෙ කියා ගන්න බැරි මහන්සියක්. කොහොමත්ම ජිමින්ගෙ ගෙදරට පයින්ම එක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.
ගැඹුරු හුස්මක් ගත්ත ජන්කුක් වට පිට බැලුවෙ ටැක්සියක් වත් තියනවා ද කියලා.
ඔව්.. ජන්කුක් ගාව ඒ වෙලාවෙ සල්ලි සතයක් වත් තිබ්බෙ නෑ. ජිමින්ගෙ ගෙදරයම ටැක්සි එකකින් ගිහිල්ලා ජිමින්ගෙ සල්ලි නාස්ති කරන්න ජන්කුක් ට ඕනෙ කලෙත් නෑ. ඒත් ජන්කුක් ට මේවෙලාවෙ කරන්න කියලා දේකුත් තිබුණෙ නෑ. ජන්කුක්ට ජිමින්ගෙ ගෙදරට ගිහින් ජිමින්ට වද දෙන්න ඕනෙ උනෙ නැති උනත් ජන්කුක් ට කියලා වෙන විකල්පයක් ඉතිරි උනෙ නෑ.
තමන්ට අවශ්‍යම වෙලාවෙ , දෙමාපියන් තමන් ළග ඉන්නම ඕනෙ වෙලාවෙ තමන්ව මෙහෙම දරුවෙක් එක්ක අත ඇරලා දාලා තාත්තා යන්න ගියාම ජන්කුක් කියලා වෙන මොනවා කරන්නද...
තමන්ගෙ තාමත් පැතලි උදරය අත ගාන ගමන් ජන්කුක් වට පිට බලන ගමන් පාරෙ යන ටැක්සියකට අත ඇල්ලුවෙ ගෙදර යන්න කියලා හිතාගෙන.
"ජන්කුකී......"
ජන්කුක් වාහනයෙන් බහිනකොටම ජිමින් ජන්කුක් ලගට දුවගෙන ආවම ටැක්සි ඩ්‍රයිවර් ඉන්නවා නේද කියලාවත් බලන්නෙ නැතිව ජිමින්ගෙ බෙල්ල වටා අත දාපු ජන්කුක් ජිමින්ගෙ පපුවට තමන්ට පුලුවන් තරම් තදින් තුරුලු උනා.ජන්කුක් ට මේ වෙලාවෙ ඕනෙ උනෙ ආදරය... සෙනෙහස.... තමන් මුලු ලෝකෙන්ම තනි වෙලා වගේම දැනෑන හැගීමෙන් ටිකක් හරි, මොහොතකට හරි මිදින්න ජන්කුක් ට ඕනෙ උනා.
ජිමින් කිසි කතාවක් නැතිව ජන්කුක් ව තුරුලු කරගෙනම ජන්කුක් ගෙ ඔලුව අත ගාන ගමන් ඩ්‍රයිවර්ට සල්ලි අහලා, ගෙව්වා
"මොකද මැණික මේ... කො අංකල්...?" ජිමින් ඇහුවෙ තමන්ගෙ තුරුලට වැටුනු ජන්කුක් දිහා බලන ගමන්. ජන්කුක් ඉන්න විදියෙන් කුමක් හෝ නරක දෙයක් වෙලා ඇතිය කියන හැගීම ජිමින්ව බය කරනකොට, ජිමින් හිමීට ජන්කුක් ගෙ හිස තම තමන්ගෙ දෙතොල් තියලා තද කලා.
"හ්‍යුන්ගී...."
හිමීට මුමුණන ගමන් , ඇස් වලින් වැටෙන කදුලු බිදු එක්ක ජන්කුක් ජිමින්ට තව තවත් තදින් තුරුලු වෙනකොට ජිමින් ගොඩක් ලොකු සෙනෙහසකින් ජන්කුක් ව තමන්ට තුරුලු කරගෙන ඔලුව අතගෑව.
YOU ARE READING
𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓
Fanfictionඑක රැයකින් හැමදේම වෙනස් උනේ හරි පුදුම විදියට...... •Jikook love •translation •boyXboy •Male preg Top Jimin Bottom JK Started date - 31 Dec 2021 Completed date - 02 Feb 2022