12

1.1K 295 162
                                    

ජන්කුක් ගෙ ටිකට් කැපුවට පස්සෙ ජන්කුක් වත් එක්කගෙන ගෙදර ආව ජිමින් ජන්කුක් ව සැටියෙ හාන්සි කරවලා පිය විලා තියන ඒ ඇස් දිහා බලාගෙන හිටියා. ටැක්සියෙ එන අතරතුරම තමන්ගෙ අත් අතර නින්දට වැටුන ජන්කුක් ගෙ හුරුබුහුටි මූණ දිහා බලාගෙන හිටපු ජිමින් ජන්කුක් ගෙ තොල් අතර පුංචි හාදුවක් තවරලා ආයෙමත් හිනාවක් යන්තමින් ඇදිලා ගියපු තොල් දිහා හිනා මුසුව බලාගෙන හිටියෙ උතුරගෙන යන සෙනෙහසින්.

"ආදරෙයි මගෙ පුංචි හා පැටියට... මගෙ බබො.... හ්‍යුන්ගී ඔයාට ආදරෙයි......"
ජන්කුක් ගෙ නලල ආයෙමත් සිපගත්ත ජිමින් ජන්කුක් ගෙ මූණට වැටුන කෙස් පිටිපස්ස ට කලෙ ජන්කුක් ගෙ පියා වෙලා තද නින්දෙ ගිලුනු ඇස් දිහා බලන ගමන්.

"ම්... එහෙම කැතයි..."
තමන්ටම කියා ගත්ත ජිමින් ආයෙමත් ඒ හිස කෙස් නලලට වැටෙන්න ඉඩ සලස්වලා තමන් එක්කම හිනා උනෙ පුංචි ළමයෙක් වගෙ හීනෙන් හිනා වෙන ජන්කුක් දිහා බලන ගමන්.

රතු වෙලා තියෙන දෙතොල් , සුරදූතයෙක් වගෙ ඇදිලා තියන මද හිනාව ජිමින්ට කියා ගන්න බැරි තරමෙ සෙනෙහසක් කැදෙව්වා..

"දරුවෙක් බඩ ඇතුළෙ හිටියත් ඔයත් තාම පුංචි බබෙක් වගෙ... මට තමා බබාලා දෙන්නවම බලා ගන්න වෙන්නෙ..."

තමන්ටම කියා ගත්ත ජිමින් ජන්කුක් ගෙ දෙතොල් අතර තවත් පුංචි හාද්දක් තවරලා ජන්කුක් ගෙ කම්මුල් හිමීට අතින් ස්පර්ශ කරන ගමන් ඔහුගෙ තොල් ජන්කුක් ගෙ උදරය තම ටික වෙලාවක් තියාගෙන හිටියා.

"අප්පා ඔයාට ආදරෙයි පැටියො....."
ජිමින් කීවෙ ජන්කුක් ගෙ උදරය යන්තමින් අත ගාන ගමන්.

" ඔයාට මේ චූටි බංඩිය ඇතුළෙ ඉන්න අමාරුද? බංඩිය රවුම්නෙ... ඉතින් අමාරු ඇති මගෙ පුතාට... අප්පා ඔයා අප්පා ඔයා එලියට ආවම ඔයාව උස්සගෙන හැමතැනම ගෙනියන්නම්කො... එතකන් අප්පා යි පපයි වෙනුවෙන් මගෙ මැණික සුට්ටක් ඉවසන්න ඈ..."

ජිමින් කියන්න ගත්තෙ කිය ගන්න බැරි තරමෙ සෙනෙහසක් ඔහුගෙ හදවතට දැනුන නිසා.

"ම්.... මගෙ පණ .. මගෙ පණ කැට දෙක... ඔය දෙන්නම..."
ජන්කුක් ගෙ උදරයට අත තියාගෙන ජන්කුක් පිය වුන දෑස් ආයෙමත් සිප ගන්න ගමන් ජිමින් ආදරෙන් කෙදිරුවා.




𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓Donde viven las historias. Descúbrelo ahora