ජන්කුක් ෆෝන් එක තියලා තමන්ගෙ උදරය අත ගෑවෙ සතුටින්.
"ඔයාව මට දැනෙනවා මගෙ පුතෙ..."
ජන්කුක් හිනාවෙන ගමන් කීවම ජන්කුක් ගෙ පෞද්ගලික ගුරුවරයාත් හිනා වෙලා ජන්කුක් ගෙ ඔලුව අත ගෑවා."එයා පුතෙක් ද?"
"දන්නෙ නෑ සර්.. අපි තවම බැලුවෙ නෑ..."
ජන්කුක් හිනා වෙලා කීවම සර්රුත් ආපිට හිනා උනා."බලන්නෙ නැතිද?"
ඔහු ඇහුවෙ හිනා මුසුව."දරුවා ලැබෙනකොටම බලනවා සර්..."
ජන්කුක් කියනකොට ඔහු ඔලුව වනලා පැත්තකින් ඉදගෙන ජන්කුක් ඔහුගෙ උදරය අද ගගා තමන්ගෙ දරුවත් එක්ක කතා කරන හැටි බලාගෙන හිටියෙ හිනාමුසුව."කුකී...."
"හ්‍යුන්ගී..."
පැය භාගයක් යන්න මත්තෙන් ගෙදරට කඩාගෙන බිඳගෙන ආව ජිමින් පැනපු ගමන් ජිමින් ව දැකලා නැගිට්ට ජන්කුක් ව තද කරලා බදා ගත්තෙ ජන්කුක් ත් ඔහුව පෙරලා ආපිට ගොඩක් ලොකු ආදරයකින් බදා ගන්නකොට.
"හ්‍යුන්ගී අපෙ දරුවා....."
"එයා පයින් ගැහුවා නේද?"
ජන්කුක් ගෙ අත් දෙකෙන්ම අල්ලන් උඩ පැන පැන කෑ ගහපු ජිමින් ඔවුන් ඉස්සරහ ගුරුවරයා බලාගෙන ඉන්නවා කියලා වත් ගානක් නැතිව ජන්කුක් ගෙ දෙතොල් මතට තමන්ගෙ දෙතොල් තියලා තද කරගෙන හිටියෙ ඔවුන් ඔවුන් දෙදෙනාගෙම ලෝකයක විතරක් තනි වෙනකොට."හ්‍යුන්ගී...."
ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලාගෙන කොදුරනකොට ජිමින් ජන්කුක් ගෙ ඉන වටෙ අත දාලා බදාගත්තෙ ලොකු සෙනෙහසකින්."මිස්ටර් පාක්.. එහෙනම් මම යනවා... ජන්කුක් ට උගන්වලා ඉවරයි."
කෙටියෙන් කීව ගුරුවරයා එතනින් යන්න හැරෙනකොට ජිමින් යන්තම් හිනා වෙලා ඔහු දිහා බැලුවෙ අපහසුවෙන්. ජන්කුක් ත් ජිමින් ගෙ තුරුලෙන් මෑත් වෙලා ඔහුට හිස නවලා ආචාර කලෙ ගුරුවරයා ඉස්සරහ ඔවුන් දෙදෙනා හැසිරුන විදිය ගැන තිබුන ලැජ්ජාවට.
"තව මාස 5යි හ්‍යුන්... එයා අපි ළගට ඉක්මනට එයි..."
ජන්කුක් තමන්ගෙ උදරය හිමීට අත ගාන ගමන් කොදුරනකොට ජිමින් ඔලුව වනන ගමන් ජන්කුක් ගෙ බඩට නැවිලා ඒ මත දෙතොල් තිබ්බා.
KAMU SEDANG MEMBACA
𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓
Fiksi Penggemarඑක රැයකින් හැමදේම වෙනස් උනේ හරි පුදුම විදියට...... •Jikook love •translation •boyXboy •Male preg Top Jimin Bottom JK Started date - 31 Dec 2021 Completed date - 02 Feb 2022