"ජන්කුක් පරිස්සමින් යන්න ඕනෙ... අනිත් හෝල් එකෙ මම ඉන්නවා... හරිද?"
ජිමින් දහවෙනි පාරටත් ජන්කුක්ට කියනකොට ජන්කුක් ට හිනා ගියා."හරි අනේ හ්‍යුන්ගී.... මම exam ලියන්න නෙ යන්නෙ... මම පරිස්සමින් ලියලා එනවා..."
ජන්කුක් ජිමින්ගෙ රතු පාට කම්මුල් අතින් මිරිකලා කියනකොට ජිමින් ජන්කුක් ගෙ දෙතොල් මත පුංචි ම පුංචි හාදුවක් රැදෙව්වා"I will miss you babe"
ජිමින් ජන්කුක් ගෙ තොල් වලින් ඈත් වෙන ගමන් කියනකොට ජන්කුක් තොලත් හපූගෙන ටිකක් වෙලා ජිමින් දිහා බලාගෙන ඉදලා හිනාවෙන්න ගන්නකොට ජිමිනුත් ඔහුගෙ හිනාවට එකතු උනෙ ජන්කුක් ගෙ අත් දෙකම අල්ලගෙන."මම එක්සෑම් එක ලියලා එනවා අනී...."
ජන්කුක් තොල් දෙකත් උල් කරගෙන කියනකොට ජන්කුක් ගෙ හුරතල් මූණ දිහා බලාගෙන හිටපු ජිමින් දැක්කෙ ජන්කුක් ඇස් යට යන්තම් කලුපාට වෙලා තියනවා...හිමීට ජන්කුක් ගෙ ඇස් යට අල්ලපු ජිමින් බර හුස්මක් පිට කලා.
"ඕනෙවට වඩා නිදිමරන්න එපා කුකී...."
ජිමින් කියනකොට ජන්කුක් හුරතල් විදියට හිනාවෙනට ජිමින් ආයෙමත් කම්මුලෙ පුංචි හාදුවක් තවරලා ජන්කුක් ගෙ අත අත ඇරියෙ ජන්කුක් ට ශාලාවෙ ඇතුලට යන්න ඉඩ දෙන ගමන්. ජිමින් එක්ක යන්තම් හිනා උන ජන්කුක් ජිමින්ට අත වනලා ඇතුලට යනකොට ජන්කුක් ගෙ නොපෙනී යන රුව දිහා ජිමින් ඇස් වල ආදරය පුරෝගෙන බලාගෙන හිටියෙ ලොකු සෙනෙහසක්.ජන්කුක් එක්ක ඉන්නකොට ජිමින්ට ලොකු වගකීමක් දැණුනෙ ජිමින්ගෙ සෙල්ලක්කාර තරුණ ජීවිතය ඔහුට මොහොතකට අමතක වෙලා.
"හොදට එක්සෑම් කරන්න කුකී..."
ජන්කුක් ට නො ඇසුනත් , නොපෙනී යන ඒ රුවට මුමුණපු ජිමින් සිනාවකින් මුව පුරෝගෙන එතනින් හැරිලා ගියෙ ජන්කුක් ගැනම කල්පනා කරන ගමන්._________
විභාගෙ ලියලා ඉවර වෙලා කොරිඩෝ එක දිගෙ බෑග් එකත් එල්ලගෙන ජන්කුක් ආවෙ ටිකක් සතුටින්. විභාගෙ ටිකක් අමාරු උනත් හිතුවාටත් වඩා හොදින් විභාගෙ කර ගන්න පුලුවන් උන එක ගැන සතුටින් හිටපු ජන්කුක් ජිමින්ට කෝල් එකක් ගන්න ෆෝන් එක අතට ගන්නවත් එක්කම වට පිටාවෙ ලොකු මීදුමක් පැතිරෙනවා දැනෙනකොට ජන්කුක් ට දැනුනෙ තමන්ගෙ කකුල් දෙක පැටලෙනවා වගෙ.
YOU ARE READING
𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓
Fanfictionඑක රැයකින් හැමදේම වෙනස් උනේ හරි පුදුම විදියට...... •Jikook love •translation •boyXboy •Male preg Top Jimin Bottom JK Started date - 31 Dec 2021 Completed date - 02 Feb 2022