02

1.4K 344 78
                                    

පැය බාගයක් යන්නත් කලියෙන් ජිමින් තමන්ට පුලුවන් තරම් ඉක්මනින් ආවේ දුවගෙන ජන්කුක් ගෙ ගෙදරට.

"මගෙ පණ මගෙ රත්තරං..."
බිම වාඩි වෙලා සීතලට ගුල ගැහිලා පුංචිම පුංචි හා පැටියෙක් වගෙ ගුළි ගැහිලා ඉන්න ජන්කුක් ව  තරමන් ගාවට අරන් ඉක්මනට තමන්ගෙ තුරුලට ගත්ත ජිමින් කියනකොට ජන්කුක් ජිමින්ගෙ පපුවට තදින් තුරුලු වෙලා ඉකි ගහ ගහ අඩන්න ගත්තා.

"හ්‍යු...න්...  මම මොක..ද කරන්න ඕ..නෙ"
ජන්කුක් ජිමින්ගෙ ෂර්ට් එක තමන්ගෙ අත් අතරට තදින් ගුලි කරගෙන අහනකොට ජිමින් ජන්කුක් ගෙ කෙස් අතරට ඇගිලි තුඩු යැවුවා.

"මගෙ රත්තරං මම ඉන්නවානේ... අඩන්න එපා මගෙ පණ..... මාත් එක්ක යමු නේද ගෙදර?"
ජිමින් ආදරෙන් අහනකොට ජන්කුක් එයාගෙ ලොකු බෝල ඇස් වල කදුලු පුරවාගෙන ජිමින් ගෙ තුරුලෙන් මූණ අරගෙන පොඩ්ඩක් එබිලා බැලුවා.

"ඔ..යාගෙ...?"

"ඔව්.. එන්න"
ජිමින් නැගිටලා ජන්කුක් ගෙ අතත් තදින් අල්ලගෙන ඉස්සරහ වෙනකොට ජන්කුක් කිසිම කතාවක් නැතිව ජිමින්ගෙ පස්සෙන් වැටුනා.

"නගින්න රත්තරං"
කාර් එකෙ දොර ඇරලා ජන්කුක් ට නගින්න සලස්වපු ජිමින් අනිත් පැත්තෙන් එයත් නැග්ගා.

"බෙල්ට් එක දා ගමු නේද මගෙ මැණික"
හිනාවකින් සංග්‍රහ කරපු ජිමින්, ජන්කුක් දිහාවට නැවිලා බෙල්ට් එක දාන්න හදනොකටම, ජන්කුක් ගෙ ලස්සන රෝස පාට කම්මුල් හරහා වැදිලා තිබුන ජියොන් මහතාගෙ ඇගිලි පාර දැක්ක ජිමින්ගෙ ඇස් ලොකු උනා.

"මේ... මේ මොකද?"
රෝස පාට කම්මුල් රතු පාට කරපු ඒ ඇගිලි තුඩු වල පාර දීගෙ තමන්ගෙ ඇගිලි ගෙනියන ගමන් ජිමින් ටිකක් තදින් අහනකොට ආයෙමත් ජන්කුක් ගෙ ඇස් දෙකෙන් පැන්න කදුලු කිසිම පාලනයක් නැතිව ඔහෙ ගලා ගියා.

"රිදෙනවාද ඔයාට?"

"එයා ඔයාට ගැහුවා නේද?"

"කුකී කියන්න මට ? එයා ඔයාට ගැහුවා නේද?"
ජිමින් එක දිගට අහන ප්‍රශ්න වලට ජන්කුක් කලෙ කිසිම කතාවක් නැතිව අඩපු එක විතරයි.

"කතා කරන්නකො කුකී.. ඔයාට රිදෙ...."

"මා.ව දාලා ය...න්න එපා ජි..මින්.."
ජන්කුක් ගොත ගහ ගහ කියනකොට ජිමින්ගෙ, අත් දෙකම අල්ලගෙන තමන්ගෙ පපුවට ගුලි කරගෙන ජිමින් ජන්කුක් ගෙ ඇස් දිහා ආදරෙන් බැලුවා.

𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓Where stories live. Discover now