09

1.2K 310 70
                                    

"හ්‍යුන්... හ්‍යුන්ගී... මට සමා... මට සමාවෙන්න හ්‍යුන්ගී.... ම...ම මම..."
ජන්කුක් ගොත ගහන ගමන් කියනකොට ජිමින් ඔහුගෙ අත තද කරලා අල්ලා ගත්තෙ ජන්කුක් ඔනෙවටත් වඩා වේගයෙන් ගැහෙන ගමන් අඩන්න ගත්ත නිසා.

"ම..ට සමා..."

"දරුවා..?. කොයි වෙලේද ඔයා ප්‍රෙග්නන්ට් උනෙ ජන්කුක්... එදා රෑ අපි දෙන්නා..... දෙවියනේ... මම මොකක් ද කලෙ..."
ජිමින් ජන්කුක් ගෙ අත අත ඇරලා දාලා අත් දෙකෙන්ම තමන්ගෙ ඔලුව අල්ලගෙන වේගයෙන් හුස්ම ගන්නකොට ජන්කුක් හිමීට ඉකි ගැහෙන්න ගත්තෙ ජන්කුක් ටත් නොදැනීමයි.

"ද...රුවා.. මගෙ නේද කුකී... කියන්නකො දරුවා මගෙ නේද?"
ජිමින් ආයෙමත් ජන්කුක් ගෙ උදරයට අත තියන ගමන් අහනකොට ජන්කුක් කිසි කතාවක් නැතිව ඇස් දෙකෙ කදුලු පුරෝගෙන ඔලුව වැනුවා.

"මාව විශ්...වාස නැතිද හ්‍යු...න්ගී ... මම ඔ...යා ඇර වෙන...."

"නෑ.. පණ නෑ... මගෙ හුස්ම ටික.. මගෙ මැණික... ඔයාව මට මේ ලෝකෙ හැම කෙනාටම වඩා විශ්වාසයි මගෙ රත්තරන්.... ජන්කුකී... කෝ එන්නකො හ්‍යුන්ට තුරුලු වෙන්න.."

ජන්කුක් තව තවත් හයියෙන් අඩන්න පටන් ගන්නකොට ජිමින් කිසි කතාවක් නැතිව ජන්කුක් ව තමන්ගෙ තුරුලුට ඇදලා අරගෙන ආයෙමත් ඔලුව අත ගෑවා.

"ජන්කුකී.. ඔයාගෙ තාත්තා...."

"ම...ට ආයෙත් ගෙදර එන්න එපා කී..වා.. යන තැනක යන්න කී..වා.. දරුවව නැති කරන්න එපා කී..වා.. හ්‍යුන්ගී... අනේ මට ඉන්නෙ ඔ..යා විතරමයි හ්‍යුන්ගී.. ඔයා විතරයි.... මාව තනි කරන්න එපා.. මගෙ දරුවව නැති කරන්න කියන්නත් එපා.. මට ඉතිරි වෙලා ඉන්නෙ ඔය දෙන්නා විතරයි...හ්‍යුන්ගී.. මාව දාලා යන්නෙ නෑ නේද හ්‍යුන්ගී.... ජිමින් හ්‍යුන්ගී.... "

ජන්කුක් පුංචි හා පැටියෙක් වගෙ ජිමින්ගෙ පපුවෙ උණුහුමට තව තවත් ගුලි ගැහෙනකොට, තව තවත් සීතල වෙලා තිබුන බයෙන් ගුලි වෙලා තිබුණු ඒ හිත ජිමින්ගෙ ආදරය ඇතුළෙ උණුහුම යදිනකොට බර හුස්මක් පහතට හෙලුව ජිමින් ජන්කුක් ව තව තවත් ඔහුගෙ තුරුලට තද කර ගන්න ගත්තා.

"කුකී... හ්‍යුන් දිහා බලන්න කො.... අපි ඇතුලට යමු කො මුලින්ම..."
ජිමින් ජන්කුක් ට කියනකොට කිසි කතාවක් නැතිව හිස සලපු ජන්කුක් ගෙ අතින් අල්ලා ගත්ත ජිමින් ජන්කුක් එක්ක ගේ ඇතුලට ගියෙ හිනා වෙමින් උනත් ජිමින්ගෙ හිත කියා ගන්න බැරි තරමට බර වෙලා තිබ්බෙ.

𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓Where stories live. Discover now