ගත උන සතියක කාලයක් විතර පුරාවට ජන්කුක් ජිමින් එක්ක ජීවත් උනා.
ඔව්.
ජිමින් ජන්කුක් ට දෙන්න පුලුවන් හැම පහසුකමක් ම අඩු නැතිව දුන්නා. කෑම බීම ඇදුම් පැළදුම් විතරක් නෙවෙ ඔහුගෙ ආදරයෙනුත් ජන්කුක් ව ඇති වෙන්න නාවන්න ජිමින් මොහොතකටවත් පසු බට නෑ උනෙ.ජන්කුක් තමන්ට දෙන්න පුලුවන් උපරිම ආදරය ජිමින්ගෙ හද පතුලෙම තැන්පත් කරනකොට තමන්ගෙ ආදරය හොඳටම දැනුන ජිමින් වගේම ජන්කුක් ත් හිනාවෙන්ම දවස ගෙව්වා.
ඔව්. ඔවුන් දෙදෙනාම තමන්ට ලැබුණු ආදරයට ආදරය කලා...
එදා ගත කරපු උණුසුම් ආදරණීය රාත්රිය ගැන ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වත් පසු තැවුනෙ නෑ. ජිමින් තමන්ගෙ ආදරය තමන්ට විතරක් අයිති වීම ගැන සතුටු වෙනකොට ජිමින් ට තමන්ගෙ ආත්මයම කැප කරපු ජන්කුක් තමන් ගැනම ආඩම්බර උනා
"හ්යුන්..... හ්යුන්....."
"මොකො උනේ කුකී..."
ෆිරිජ් එකෙ දොර ඇරගෙන කෑ ගහන ජන්කුක් ළගට ගියපු ජිමින් ජන්කුක් ගෙ මූණ එබෙන ගමන් අහනකොට ජන්කුක් කටත් ඇද කරගෙන ජිමින් දිහා බලන් ඉන්නවා දැක්ක ජිමින්ට හිනා ගියා."මොකද උනේ මගෙ හා පැටියෝ...? කැරට් අලයක් ඕනෙ වෙලාද?"
ජිමින් හිනා වෙවී අහනකොට තොලත් කනපිට හරවගෙන ජිමින්ගෙ පපුවට අතින් ගහපු ජන්කුක් දිහා ජිමින් හිනා වෙලා බැලුවා.තාමත් හුරතල් විදියට තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් ගෙ ඉනෙන් අල්ලලා තමන් ගාවට ඇද ගත්ත ජිමින් ජන්කුක් ගෙ තොල් උඩින් පුංචිම පුංචි හාදුවක් තැවරුවා.
"ඇයි මගෙ මැණිකෙ...?"
"හ්යුන්... දොඩම් නැතිද?"
ජන්කුක් හිමීට ලැජ්ජාවෙන් අහනකොට ජිමින් ජන්කුක් දිහා පුදුමෙන් බලාගෙන හිටියා.."දොඩම්? ඔයා දොඩම් කන්න ආසද?"
ජිමින් පුදුමෙන් ඇහුවෙ ජන්කුක් දිහා බලන ගමන්. ඉස්සර දොඩම් ජූස් පවා ප්රතික්ෂේප කරපු ජන්කුක් එකපාර දොඩම් ඉල්ලන්නෙ මොකද කියන එක ජිමින්ට තේරුනෙ නෑ."මට ආසයි..."
ජන්කුක් හිමීට බිම බලන් කියනකොට ජිමින් මොනවත් නොකියා ජන්කුක් දිහා බලාගෙන හිටියා."දොඩම් නම් නෑ මැණික... හ්යුන් ඉක්මනට ගිහින් ගේන්නම් ෂොප් එකකින්... මම එනකම් මැණික එලියට යන්නෙ නැතිව ඉන්නකො..."
ජිමින් කීවෙ ජන්කුක් ගෙ හිස අත ගාන ගමන්."එලියෙ වහිනවා නේද හ්යුන්..."
ජන්කුක් හිමීට කිවෙ දොඩම් කන්න තියන ආශාව යටපත් කරන ගමන්."කමක් නෑ... මම ඉක්මනට අරන් එන්නම්... ලග කඩේ ඇති"
ජන්කුක් ගෙ රෝස පාට ගැහුන කම්මුල් හිමීට මිරිකලා හිනාවකින් මූණ සරසගෙන පර්ස් එකයි , රැක් එකෙ තිබුන කුඩයකුත් අරගෙන එහෙමම එලියට බැස්සෙ මහා ධාරානිපාත වර්ෂාවෙ උනත් තමන් පෙම්වතා ගෙ ආශාව වෙනුවෙන්.ඒකට තමා ආදරේ කියන්නෙ. තමන්ගෙ ආදරේට මොනවා හරි ඕනෙ වෙනකොට , තමන්ට ඒක එයාට ගෙනත් දෙන්න පුලුවන් කම තියෙනවා නම් ලෝකෙ කොයි ආදරවන්තයාත් ලෝකෙ පෙරලලා හරි ඒ දේ ගෙනත් දෙන්න තමා හැම මොහොතකම උත්සාහ කරන්නෙ
අද ජිමිනුත් කලෙ ඒකමයි. ජන්කුක් ඉල්ලුවෙ පුංචි දෙයක් තමා.. ඒත් මා වර්ෂාවෙ මැද තෙමි තෙමි ජිමින් කඩේට දිව්වෙ ජන්කුක් ගෙ අත උඩ ජන්කුක් ආසා කරන දේවල් තිබ්බම ඒ අහිංසක මූණෙ ඇදෙන ලස්සන හිනාව බලන්න ආසාවට.....
"මට මෙච්චර ආසාවක් නොතිබුණා නම් ලොකු වැස්සෙ මම එයාට යන්න දෙන්ණෑ..."
තමන්ටම කියා ගත්ත ජන්කුක් ගේ ඇතුලට ගිහින් සෝෆා එකෙ වාඩි වෙලා කකුල් දෙක පපුවට ගුලි කර ගත්තේ තමන්ගෙ ශරීරයට සනීප මදි කමක් දැනුන නිසා. කවදාවත් නැති මහන්සියක් තෙහෙට්ටුවක් දැනුන ජන්කුක්ගෙ ඇස් කෙමෙන් කෙමෙන් බර වෙනකොට කෙටි නින්දකට වැටුන ජන්කුක් ආපහු ඇහැරුනෙ ගෙදර සීනුව නාද වෙනකොට."හ්යුන් ඇවිත් වගේ..."
තමන්ටම කියා ගත්ත ජන්කුක් නැගිටලා දොර ගාවට ගියෙ තමන්ගෙ කටට එන ඔක්කාරෙ ගිලගෙන."තාත්තා...?"
දොර ඇරපු ජන්කුක් ඒ දොර ඉස්සරහ හිටගෙන ජන්කුක් දිහා බලන් උන්න මනුස්සයා දැකලා ගල් වෙලා හයියෙන් කීව්වෙ ගැහෙන හදවතින්...
හලෝ..... මේක අවුල් ඇති. මට ටිකක් සනීප මදි 🤒
මට එදා කියන්න අමතක උනානෙ... දොඩම් ටිකක් ගේන්න කියලා. දැන් කුක්කා බනානා කුක්කු බොන්නෑලු. ඒ නිසා ඒ ටික මම බිව්වා 😋.
ඊළග දවසෙ එනකොට දොඩම් ගෙඩි ටිකකුයි සියඹලා ටිකකුයි ගේන්න. නැත්තං අහිංසක ජිමිනාව කඩෙ යවන්න වෙනවා...
YOU ARE READING
𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓
Fanfictionඑක රැයකින් හැමදේම වෙනස් උනේ හරි පුදුම විදියට...... •Jikook love •translation •boyXboy •Male preg Top Jimin Bottom JK Started date - 31 Dec 2021 Completed date - 02 Feb 2022