14

1.1K 267 30
                                    

"ජන්කුක්... ජන්කුක් හොඳින් නේද? මගෙ කුකී..."
ජිමින් ජන්කුක් ව ඇතුලට ගත්තාම පිස්සෙක් වගෙ නයිට් ඩ්‍රෙස් එක පිටින් කෑ ගහන්න ගත්තෙ වට පිටාවෙ මිනිස්සු ත් ඔහු දිහා බල බල යනකොට. ඒත් ජීමින්ට ඒ ගැන කිසිම වගක් තිබුණෙ නෑ. ඔහුගෙ හිත හැමදාම වගෙ ඉල්ලපු එකම දේ තමන්ගෙ ආදරය වගේම ඔවුන් ගෙ ආදරයෙ සංකේතය ඔවුන් දෙදෙනාගෙ දරුවා පරිස්සමින් ඉන්න කියන එක විතරයි.

"ජන්කුක්... කුකී... මාව ඇහෙනවාද ? හ්‍යුන් මෙතන ඉන්නවා..."
ජන්කුක් හයියෙන් කෑ ගහනවා ඇහෙනකොට දොරට තට්ටු කර කරා ජිමින් කෑ ගැහුවෙ ජන්කුක්ට ඔහුව යන්තමින් හරි ඇහෙයි කියන බලාපොරොත්තුවෙන්. කාමරය තුලට කාමරයෙන් පිටතට එහාට මෙහාට දුවගෙන යන නර්ස් ලා දිහා තමන්ගෙ ඇස් ලොකු කර කර බලාගෙන හිටපු ජිමින් ඒ හැමෝගෙන්ම ජන්කුක් ගැන අහ අහ පස්සෙන් ගියෙ පිස්සෙක් වගෙ.

ඔව්. කලබල වෙලා , කොන්ඩෙත් අවුල් කරගෙන, ගෙදරට දාන සෙරෙප්පු දෙකක් දාගෙන , නයිට් ඩ්‍රෙස් එකක් ඇදගෙන හිටපු ජිමින් ව පිටතින් බලපු ඕනෙ කෙනෙක්ට පෙනුණෙ තනිකරම පිස්සෙක් වගෙ.

ඒත් හොදින් බැලුවොත් ඒ හැමදෙයක්ම පිටුපස්සෙ ජන්කුක් කෙරෙහි ඔහුගෙ හිතෙහි සැගවුණ ආදරය හරි අපූරුවට සැගවිලා තියෙනවා බලාගන්න පුලුවන් .

"කුකී....!!!"
ජන්කුක් තවත් හයියෙන් කෑ ගහනකොට ජිමින් එලියෙ ඉදන් කෑ ගහන්න ගත්තෙ ඇස් වල කදුලු පුරවාගෙන.

"අනෙ... ඒ වේදනාව දෙවියෙනෙ මට විදින්න දෙන්න. මගෙ කුකී ගෙ වේදනාව අඩු කරන්න දෙවියනෙ...  ඒ වෙනුවට මම ඒ වේදනාව ගන්නම්....."
ජිමින් කෑ ගහ ගහ අඩනකොට ජිමින්ගෙ ඇඩිල්ල මොහොතකට නතර උනෙ ඇතුලෙන් පුංචි ළමයෙක් අඩන සද්දෙ ඇහෙනකොට.

ඇස් දෙක විසල් කරගෙන නැගිට්ට ජිමින් ළගට දොරත් ඇරගෙන ආවෙ නර්ස් කෙනෙක්.

"ඔයා නේද මෙයාගෙ හස්බන්ඩ්.."

"ඔ...ඔව් මැඩම්.."

"ඇතුලට යන්න පුලුවන්"
ලස්සන හිනාවක් එක්ක ඇය අවසර දෙනකොට ජිමින් පුලුවන් තරම් ඉක්මනින් ඇතුලට ගියෙ ජන්කුක් ව බලන්න.

ජන්කුක් ඇඳ උඩ ඇස් දෙක පියාගෙන නිදි. ඒ ඇස් වලින් ගලාගෙන ගියපු කදුලු පාරවල් තවමත් එහෙමමයි.

𝙸 𝚐𝚘𝚝 𝚙𝚛𝚎𝚐𝚗𝚊𝚗𝚝 𝚊𝚝 18? | Jikook (Translation) ✓Where stories live. Discover now