"ශාන් ඊරිසියාව හින්දා තමා ඔය නැගිටලා ගියෙ..පොර නැත්තම් තාම නිදි..."
යීබො හිනා වෙවී එහෙම කියලා ලැහැස්ති වෙනවා.
********************************
දෙන්නම ලැහැස්ති වෙලා පල්ලෙහාට එනවා."ඉක්මනින් ලැහැස්ති වෙලානේ.."
යීබො ශාන් දිහෑ බලලා එහෙම කියනවා.
"හ්ම්..පොඩ්ඩක් ඉන්න මං කන්න මොනාහරි හදන් එන්නම්...ඔයා කයිව එක්කන් එන්න ගිහින්.."
"හා..."
යීබො කයිව එක්කන් එන්න ගියා..
"කයි..නැගිටින්න..."
"මට බෑ...වද දෙන්නෙ නැතුව යනවකෝ..."
"ඈ මොකක්ද ඔය කතා කරන විදිහ..නැගිටිනවා..."
යීබො කයිගෙ පිටට තට්ටු කර කර නැගිට්ටවන්න හදනවා..
කයිට තරහ ගිහින් කොට්ටයක් යීබොගෙ ඇඟට විසි කරලා ෂීට් එකෙන් මූණ වහ ගන්නවා.
"ආශ්...මේකනම් මහ යක්ස පැටියෙක්නෙ..මට බෑ මේකව ආංබාං කරන්න..ශාන්ට තමා කියන්න වෙන්නෙ..."
යීබො එහෙම හිතද්දිම ශාන් කයිට කතා කරනවා...
"කයි මැණික...මෙහෙ එන්නකො..මෙන්න ඔයාගේ කිරි එක හැඳුවා මං නිවෙන්න කලින් බොන්න.."
කයිට ඒක ඇහිලා හිමීට ෂීට් එකෙන් එළියට ඔලුව දාලා බලනවා..
"උඹ නම් මහ කපටියෙක්නෙ..මෙච්චර කල් මාත් එක්ක ඉඳලා..දැන් ශාන්ව ලොකු වෙලා..."
කයි ඉක්මනින් නැගිටලා ඇඳෙන් බහින ගමන් යීබොගෙ කකුල පාගගෙන දුවනවා..
"ආව්...මේකනම්...මේ උදේ පාන්දර මගේ යකා අවුස්සනවනේ..."
යීබො කෑ ගහනවා...කයි පල්ලෙහාට දුවගෙන යනවා...