(03) My Clay Boy

345 58 76
                                    

උදෑසන හිරැ එළිය සැරින් සැරේ පැමිණ ටේයෝන්ගේ මුහුණ සිපගත් නිසා ඔහු තම දෑස් අසීරැවෙන් විවර කොට මෑත් වී ඇති ⁣ජනේල් තිර රෙද්දට සාප කරන්නට වුයේ නින්දට සිදුකල බාධාව නිසාවෙනි.

තම එක් පාදයක් වටා හා තම ඉන වටා පමණක් එතී තිබු උණුසුම් පොරවනය ඉවත් කොට සයනයෙන් නැගි සිටි ටේයෝන් තම දෑස්වල නිදි ගැට කඩන්නට වුයේ විශාල ගනයේ ඇනුමක් සුවිශාල ගනයේ ශබ්දයක් සමඟින් පිට වන ආකාරයෙනි.

මදක් වැවී තිබු තම අවුල් වු හිසකෙස් මත ඇඟිලි තුඩු යවමින් ⁣ජනේලය අසළට පැමණි ටේයොන් ⁣තිර රෙද්ද සකසා නැවත සයනයට පැන නිදන්නට වුවත්.. එය කළ නොහැක්කක් වුයේ ඔහුගේ හුරතල් පුංචි බලු තඩියා යොන්ටැන් නිසාවෙන් ය.

" යාාාආාා......ටැනී....මට තව ටිකක් නිදාගන්න.....⁣ ඕනේ........ආාා......කො යන්න..යන්න....... ලෙව කන්න එපා... "

කලු සහ රත්රන් දුඹුරකට හිමිකම් කී පොමිනේරියන් වර්ගයේ හුරතල් බලු පැටුවකු වන යොන්ටැන් ටේයෝන්ට සිටි එකම මිතුරා.. සහ පවුල වුයේ මීට වසර කිහිපයකට උඩ දී ඔහුගේ මිත්තනිය ඔහු තනි කර ගිය නිසාවෙනි.

ඔහුගෙ දෙමව්පියන් සහ සහෝදරිය විදේශීය රටක ජීවත් වන අතර ඔවුන් කොතරම් ඇවටිලිකම් කලත් ටේයොන් කොරියාවෙන් පිට ව යාමට කිසිඳු කැමැත්තක් පල නොකල නිසා ඔහු තම මිත්තනියත් සමඟින් කොරියාවේ දේගු වල ⁣වෙසෙන්නට වුවත්... දැන් ඔහුට සිටින්නේ යොන්ටැන් පමණි.

" ආාාාාශ්....කිම්...යොන්ටැන්.. මට නිදාගන්න දෙන්නෙම නෑ නේ...... "

දිගින් දිගට ම තම ස්වාමියාගෙ මුහුණ ලෙව කමින් සිටි යොන්ටැන්ව ඇද තුරැල් කරගත් ටේයොන් නැවත නිදන්නට තැත් කලත් යොන්ටැන්ගෙ කෙදිරිල්ල නිසා ඔහු තම නින්ද අහක දැමුවේ පෙරදින පාන්දර යාමේයෙත් වෙහෙසි නින්ද⁣ට ගිය අමතක කරමිනි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
V - COLLECT || SHORT STORIES || KTHWhere stories live. Discover now