(06) Wedding Trip

403 55 126
                                    


සෝල් නගරයේ තිබු වත්මන් දියුණුව නිසා එය බොහෝ සෙයින් කාර්‍යබහුල වීම සෑම අතින්ම සාමාන්‍ය කරැණකි. උසට උසේ අහස් ගැබ දෙබැ කරන්නට මත්තෙන් අහසට නැගි තිබෙන නවීන පන්නයේ ගොඩනැගිලි අතර එහෙ මෙහෙ යන අලුත් පන්නරයේ රථ වාහන වල මෙන්ම එදිනදා වැඩෙහි යුහුසුළුව යෙදෙන සෝල් ජනයාගේ පාවහන් ශබ්දත්.. පුංචි පුංචි කතාබස් වලිනුත් උදෑසන පිරී ගොස් තිබුනා...

මේ කලබගෑනියන් මධ්‍යයේ කිම් ටේයොන් ඔහුගේ මව මෙන් සම මිත්තණිය සමඟින් සුඛෝපභෝගී කාරය තුළට වී ඇනුම් යවමින් හිටියේ උදෑසන මාර්ග තදබදයට ඔවුන් සිර වී සිටි නිසයි.

" ආාාශ් හැල්මොනි..... මේක නම් එපාා වෙනවාාා... මගේ පස්සත් දැන් නෑ වගේ.. මෙහෙම ඉදන් ඉදලා... "

" හිතුවක්කාර කොලුවා... කටපියන් ඉන්නවා... තාම හරියට ගමන පටන් ගත්තෙත් නෑ... ඔයාගේ ඔය පස්සට දිමිගාය කියලා මං කොහොමත් දන්නවා.... අර ඔයාගේ යාලුවා වේලාවට ඇවිත් ඉදි නේ.. "

" අනේ හැල්මොනි මට ඇති දිමිගායක් නෑ හරිද.. ඔව්...ඔව්.. එයා ඇවිත් ඉදී.. ඒත් ඔයාගේ මහ ලොකු ⁣තඩි මුණු⁣බුරෝ දෙන්නා නම් ඇවිත් ඉදි කියලා.. තමා මාත් මේ බලන්නේ.. "

" හ්හ... මගේ ජිනියි.. ජුනියි.. වේලාවට එනවා... ඒ ළමයි දෙන්නා.. මට වදයක් දුන්නැ... පොඩි කාලේ ඉදන්ම.. ඔය දිමි පස්සා වගේ.. නම්.... "

" ඔයා ඉතින් වැඩිපුරම ආදරේ ඒ හෝතඹව් හ්‍යෝන්ලා දෙන්නට කියලා මං දන්නවා.. හැල්මොනි හ්හ... ඒකනේ  මේ පොඩි මාව වෙන කෙල්ලෙක්ට දීලා දාන්න යන්නේ.... "

" කිම් ටේයොන්..... දැන් තමුන්ට වයස විසිපහක්... කොහේ තියන පොඩියක් ද ආ... අනික ඔයාගේ හ්‍යෝන්ලා දෙන්නම දැන් මැරි කරලා ඉවරයි... එයාලා තව ටික දවසකින් අප්පලා වෙන්නත් යනකල් තමුන් අර ෆ්‍රිජ් එක අස්සට වෙලා ස්ට්‍රෝබෙරි කිරි බිබි හිටපුවාම හරි කියලද හිතන් ඉන්නේ.."

" ඒත් ඉතින් මෙහෙම මාව විකුණනවා වගේ දීලා දානෙක හරිද මං අහන්නේ....ආා...හැල්මොනි...? මං නිකං අර ඔහේ තියන හැල්මොනිගෙ ප්‍රොපටි එකක් වගේ නේ...... හ්හ... අන්තිමේදි ලව් කරන්නෙත් නැතුව ම බදින්න වෙයි කියලා මගේ තුන් හිතෙන් එකකවත් තිබුනේ.. නෑ.. "

V - COLLECT || SHORT STORIES || KTHWhere stories live. Discover now