(04) The Tiger Prince - I

318 47 197
                                    


උ⁣දෑසන හිරැ එළිය කඩින් කඩ තම මුහුණ වෙත කඩාවැටුන නිසාවෙන් අපහසුවෙන් තම දෑස් විවර කල තරැණිය තම හිස අපහසුවෙන් වත්තම් කොට ගෙන වටපිට බැලුවේ තමා සිටින වටපිටාවේ සිදුවන දේ පිළිබඳව දැනීමක් ලබාගැනීම සඳහායි.

අබලන් වු සිර කූඩු කරත්තයෙන් නැගෙන ශබ්දය.. අශ්වයෙන්ගේ කුර ශබ්දය මෙන් ම අසරැවන්ගේ කෑ ගැසීම්, නිළධාරීන්ගේ මෙහෙයවීම් මෙන්ම සිරකරැවන්ගේ කෙදීරි ගෑම් නිසාවෙන් තරැණිය තම දෑස් වසා ගත්තේ සැනකිනි.

සියුරෝනියාවල මාළිගාවේ මුදුනතේ තේජමානව වැජඹෙන සියුරෝනියානු ධජය දෙස තරැණියගේ දෑස් යොමු වුයේ එකවරම පිරිසගේ සිදු වු නිශ්ශබ්දතාවය හේතුවෙනි.

" වහාම රජුට දන්වනු... සෙම්පති ඉයුරෝනියානු වහලුන් රැගෙන පැමිණි බව... හ්හ...රාජකීය වහලුන්... "

පිරිස අතර නායක පෙරමුණේ සිටි තැනැත්තා මුවඟ ⁣සමච්චල් සහගත සිනාහවක් රඳවාගෙන එසේ පැවසුයේ සිර කුටි කරත්තවල හුන් රාජකීයන් දෙස බලමින් ය.

සියුරෝනියා මාළිග විශාල ද්වාරයන්ගෙ විවර වීමත් සමඟින් එතුළට පැමිනි පිරිස දෙස මාළිඟ සඳලුතලයේ සිට බලා සිටියේ සියුරෝනියානු වත්මන් රජුය.

" එසේ නම් ඔහු වදන් දුන් අයුරින් ම ඉයුරෝනියානු කෘර පාලනය නිමා කොට සියුරෝනියානු දේශ සීමාව පුළුල් කලා.... "

" එසේ ය...රජතුමනි.. අප කුමරැන් එය ඉතා පහසුවෙන් ම ඉටු කලා..."

" හොඳයි... කුමරැන් නැවත පැමිණෙන්නේ කෙදින ද... ? "

" තව නොබෝ දිනකින් කුමරැන් මෙහි සම්ප්‍රාප්ත වනු ඇත උතුමාණනි... "

" එසේ ද.. එය කදිමයි.. එසේ නම් කුමරැන් උදෙසා අනර්ඝ ගණයේ උසස්ම සාදයක් සුදානම් කරව... මෙහි උන් වහලුන් සියල්ල මාළිගයේ සේවයට යොදන්න... කුමරැන් පැමිණි පසු ඉයුරෝනියානු පාලනය පිළිබඳව සාකච්ඡාවෙහි යෙදෙමු... "

සියුරෝනියානු රජුගේ නියෝගයෙන් ඉයුරෝනියානු වහලුන් රාජ මාළිගා සේවය සඳහා යෙද වු අතර තෙදිනකින් ⁣එහි පැමීණිමට නියමිත වු සියුරෝනියානු කිරැළ හිමි කුමරැන් පිළිගැනීම සඳහා අතිඋත්කර්ශවත් සාදයක් පැවැත්වීමට සියල්ල සුදානම් කිරීමට ඔවුන් පටන්ගත්තේ කඩිනමිනි.

V - COLLECT || SHORT STORIES || KTHWhere stories live. Discover now