(04) The Tiger Prince - II

262 51 70
                                    

උද්‍යානය ආසන්නයේදී ටේයොන් කුමරැවන් තම සගයින් පිටත් කර හැරියේ ඔහුට පියාණන් හමුවීමට අවැසි බව කියා වුවත් තම මුවඟ වු සිනහවත් සඟවාගෙන කුමරැන් තම අශ්වයා අසළින් හිඳ ඔහු සමඟින් සිනහා වෙන කුමරිය වෙතට ඇවිද ගියේ ශබ්ද නොනැගෙන ලෙසිනි.

" මා නියෝග කරනු ලැබුවේ මාගේ අශ්වයාට අහර ලබා දෙනු හැර සුරතල් කිරීමක් නොව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මා නියෝග කරනු ලැබුවේ මාගේ අශ්වයාට අහර ලබා දෙනු හැර සුරතල් කිරීමක් නොව... "

කුමරැගේ හඬින් කලබල වී නැගී සිටියේ කුමරියම පමණක් නොව අශ්වයා ද හිස නවා තම වලිගය පවන සමඟ යා කොට ටේයොන් කුමරැවන් පිළිගත්තේ සතුටු සිතින් වුවත් කුමරියට එය හාත් පසින් ම වෙනස් වුවා. ඇය තණබිස්ස මත වු පුංචි මල් පියලී දෙස බලා සිටි අතර කුමරැන් ඇගේ සැම පුංචි ඉරියව්වක්ම වෙත ම තම අවධානය ලබා දුන්නා.

ඒ අතර ලිලී මල් පොකුරක වසා රොන් ගන්නා සිටිමින් වු බඹර රෑනකට මේ දසුන දෙස බලාසිටිමෙහි ලා තිබු අලසකම නිසාවෙන් ඔවුන් තම සිතැඟි පරිදි ක්‍රියා කිරීමට පටන් ගත්තේ මේ නිශ්චලව පිරි තිබු හැඟුම් වලට නිදහස ලබා දෙන අටියෙනි.

සැලසුම පරිදි නායක බඹරා තම රෑන වෙත විධාන දී පිරිසක් අශ්වයාගේ පසුපස පෙදෙසටත් ඉතිරිය අශ්වයාගේ ඉදිරියටත් ගොස් එකවරම අශ්වයා වට කොට ගෙන රැඟුම් පටන් ගත්තේ සියල්ලන්ගේම යහපතට මිසක් අශ්වයා බිය වැද්දීම සඳහා නොවුනත් කලබල වු අශ්වයා තම ඉදිරි ගාත ඉහළට උසවා උද්‍යානය සිසාරා තම හේශාරවය පැතිර වුයේන් කලබල වු කුමරිය තම දිගු සේලයත් පටලා ගෙන බිම ඇඳ වැටීමට ගියද.. ඉක්මන් වු කුමරැන් ඇය තරයේ අල්වා ගනු ලැබුයේ ඇගේ පුළුලුකුල අභියස තම දරදඬු දෑත් මෘදු ලෙස තබාගෙන ය.

අශ්වයා වෙනතකට දිව යන්නට වුයේ බඹර රෑන ඔහු පසුපසින් රඟමින් කෝලපාන්නට වු නි⁣සාවෙනි. අවසාන වශයෙන් එහි වු බඹර නායකයා රෑං හඬ නංවා සතුටින් තම රෑන සොයා පියඹා ගියේ ඉතිරිය වගකිවයුත්තන්ට ලබාදීය.

V - COLLECT || SHORT STORIES || KTHWhere stories live. Discover now