If You Feel Uncomfortable For Any Scene Please Leave Immediately.!
උණුසුම් හිරැ එළිය වැටුනු සාගරය දීප්තිමත් ලෙස දිලිසුනා. ඈතින් ඇදිගෙන එන රැලි කිරි පාටට බුබුළු නංවමින් සාගරය තවත් තවත් ලස්සන කලා.
පැසිෆික් සාගරයේ එක් කෙලවරක පා වෙමින් තිබුන සුඛෝපභෝගී නෞකාවක් හරිම ගාම්භීර විදියට එහි රැදිලා තිබුනා.
" තශියා.... ඔයා හදන්නේ.. මේ උදේ ම යටට යන්න ද...? "
නැවේ කෙලවර සාගරයට ඇතුළු වෙන්න පුලුවන් විදියට හදලා තිබුන කොටසට වෙලා කිමිදෙන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරන තරැණිය දිහා බලන් හිටපු එයාගේ යාලුවා ඒ විදියට ඇහුවා.
" ඔෆ්කෝස්...... විවෝන්... මට හිතුනා... අද දවසම එහෙට වෙලා ඉන්න...! "
" ඔහෙට නම් පිස්සු....ඔච්චරකල් වතුරේ ඉදලා තමුසේ දියවෙලා යයි....!!! "
විවොන් තශියා දිහා බලන් එහෙම කියද්දිත්.. තශියා වතුරට බැහැලා ඉවරයි. එයා එයාගේ කිමිදුම් කට්ටල ටික ආයෙමත් හරිද කියලා පරික්ෂා කරලා වතුර යටට කිමිදිලා ගියා.
තශියා කියන්නේ මාලුවෙක් වෙන්න ඉදලා අම්මගේ කීමට මනුස්සයෙක් වුන කෙනෙක් නිසා විවොන් ආපහු නැවේ ඇතුළු තට්ටුවට ගියා.
ලැවෙස්කි තශියා කියන්නේ රැසියන් ජාතික තරැණියක්. එයාට තාම අවුරැදු විසිහතරක් උනාට එයා ඒ වෙද්දි සාගරය හා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරියක් විදියට වැඩ කලා.
කලින් අවුරැද්දේ තශියා මෙහෙයවපු සාගරය පිළිබඳ පරීක්ෂණයේ තිබුන සාර්ථකත්වය නිසා එයාට අති සුඛෝපභෝගී නැවක් තෑගි විදියට ලැබුනා.
දැනට නම් තශියා ඉන්නේ නිවාඩු පිට. හරියටම කිව්වොත් එයාට තෑග්ගක් විදියට ලැබුන යැට්ච් එකෙන් ලොකේ පුරාවට සංචාරක නිවාඩුවක් යන්න එයාට අවසර ලැබිලා තියනවා. ඒත් තශියාගේ තියන පුරැද්ද අත්හරින්න බැරි නිසාම එයාට දවසක් ඇර දවසක්වත් සාගර පතුළට කිමිදෙන්න ඕන උනා. අදත් එහෙම සාගර පතුළ තුළට යන්න තශියාට උවමනා වුනා සහ දැනටමත් එයා ඒක කරලා ඉවරයි.
වතුර තුළදි පැහැදිලි දසුනක් ලැබුනට පස්සේ තශියා පහළටම කිමිදෙන්න පටන් ගත්තා. ගැඹුරට යන්න යන්න දකින්න ලැබෙන දසුන් තශියව තව තවත් කිමිදෙන්න පොළඹවන දේවල් උනා.
YOU ARE READING
V - COLLECT || SHORT STORIES || KTH
FanfictionIt's a Collection of Taehyung FF Oneshots Enjoy... Ayo_PJM 2021.12.30