" මෙය ඉතාම අසූභ නිමිත්තක පෙර ලකුණු... නව වසර ආරම්භයටත් පෙර.. ම...."" තව සිව්දිනකින් එළඹෙන සැනකෙලීන් පවත්වන්නේ කෙසේ ද.? "
" කුමක් ද අපි දැන් කරන්නේ...? "
" මෙයට විකල්පයක් කොහින් ද... ? "
" මේ දුශ්කර සමයක රජු කරා යාමත් කල නොහැක්කක්.. "
" සීත සෘතුවේ දුශ්කර ම කාලයේ එය අපට කල නොහැකි යි.. "
" මේ සියල්ලටම වග කිව යුත්තේ අර මේඩූසාගේ දියණිය නොවේ.. ද.. ? "
" පූජකතුමිය ඔබතුමිය සිතන්නේ මෙය මේඩූසාගේ දියණියකගේ යළි ඉපදීමක් බව ද... ? "
" නොමැති නම් කුමක් ද... බලනු මොහුගේ දෑස් බීතියෙන් ගිගුම් දී ඇති සැටි.. මරණය අභියස වුවත් ඔහු වික්ෂිප්ත වෙලා.. මේඩූසාගේ ලෙය ඇති සාපලද්දියකට මිසක්.. මෙලෙස... මිනිසෙකු පිළිමයක් බවට පත් කර මරා දැමීය හැක්කේ කාහට ද.. ? "
සීම් නගරයේ කඩපිල් වටා එක් රොක් වු ජනයා මේ බියවී ඇත්තේ තරැණයෙක් ලේවුඩ් ඝන වනාන්තරයේ දී දැක තිබෙන මිනිසෙකුගේ පිළිමයක් නිසා.
පිළිමයකට බිය විය යුතු ද.. ?
නැත.. පිළිමයකට බිය විය යුතු නැත්තේ එය මිනිස් නිර්මාණයක් වුවොත්..
නමුත් මෙය.. එය.. හුදෙක් පිළිමයක් ම නොවෙයි.. එය ඔවුන්ගේ ගම්මානයේ සිටින දඩයක්කාර සුරාලෝලියාගේ රැව ම ඇඹු පිළිමයක්..
ඉදින්.. එය විය හැකි ද.. ?
ජනයා පූජකතුමිය වටා එක්රොක් ව මෙයට විසදුමක් සොයන්නේ මෙය වර්ශ අවසානයත්.. නව වසරක ඇරඹුමත් අතර කාලයක අසුභ පෙරනිමිත්තක් නිසා... විනාසයක සේයාවක් නිසා...
ඔවුන්ගේ ජීවිත පිළිබඳව..
කුඩා පැටවුන්ගේ අනාගතය පිළිබඳ ඉමහත් ගැටලුවකට ඔවුන් මැදි වී ඇත.ජනයා පූජකතුමිය හා එක්ව දොඩමලුවේ යෙදෙන විට ඒ වෙත දිව ආවේ පිළිමයක් වු සුරාලෝලියාගේ බිරිද මැටිල්ඩා ය..
" ස්වාමීනි..... කිමක් ද.. මේ... මා නොඇසේ ද... මා දෙස නොබලන්න.. මන්ද... අප දරැවන් ඔබ එනතුරැ දින ගණනාවක් කුසගින්නේ සිටියේ.. ඔබ බලාපොරොත්තුවෙන්... ඇයි.. ද... අහො.. දෙවියනි.... මගෙ ස්වාමියාට මෙලෙස සිදු කලේ කවුරැන් ද... ? "
KAMU SEDANG MEMBACA
V - COLLECT || SHORT STORIES || KTH
Fiksi PenggemarIt's a Collection of Taehyung FF Oneshots Enjoy... Ayo_PJM 2021.12.30