"එතනදි මගෑරුනු දෙයක් ගැනයි මට දැනගන්න ඕනෙ. මං ඇතුලට එන්නද?"
ටේහ්‍යුන්ග් නැවතත් ඇසූ විට ඒ පුද්ගලයා පසෙකට වී ටේහ්‍යුන්ග් හට නිවස තුළට පැමිණෙන ලෙස සන් කරා. එය දුටු සානා හිස් දෙපසට සලා ටේහ්‍යුන්ග් අනුව යමින් නිවසට ඇතුළු වුණා.
"මිස්ටර්??"
"මං හන් තේමින්."
"හරි මිස්ටර් හන්.. මට දැනගන්න ඕනෙ මිසිස් හන් මැරුණු වෙලේ ඔයා කොහෙද හිටියෙ කියලා."
"අපි ඒ ගැන දැනටමත් දන්නවනේ ටේහ්‍යුන්ග්.." සානා ටේහ්‍යුන්ගෙ කනට කර පවසා සිටියත් ටේහ්‍යුන්ග් ඇයට නිහඬ වෙන ලෙස සන් කරා.
"මං පොලිසියට දුන්නු කට උත්තරේ හැටියට මං ඒ වෙලේ හිටියෙ මං වැඩ කරන තැන. මං හිටියා කියලා ඇසින් දුටු සාක්ෂි පවා තියෙනවා සර්... මං මගෙ වයිෆ්ට එහෙම දෙයක් කරේ නෑ සර්."
"අපි ප්‍රශ්න කරන්නේ ඔයාගෙ වයිෆ්ගෙ මරණෙට වග කියන්න ඕනෙ කෙනා පුළුවන් ඉක්මනට නීතියේ රැහැනට අසු කරගන්න ඕනෙ නිසා."
"මට විශ්වාසයි ඕකත් කරේ අර ඩෙවිල් කියන මිනීමරුවා තමයි සර්.."
"ඔයාට හොඳටම විශ්වාසයිද ඒ ගැන?" කට කොනකින් හිනාවෙන ගමන් ටේහ්‍යුන්ග් අහද්දි ඒ මනුස්සයා ටිකක් නොසන්සුන් වුණා.
"මිස්ටර් හන්.. මට ඕනෙ ඔයා අපෙන් හංගන දේ ගැන දැනගන්න." ටේහ්‍යුන්ග් කෙලින්ම කියද්දි සානා වගේම හන් තේමිනුත් තිගැස්සුණා.
"අනේ සර්.. මාව විශ්වාස කරන්න සර්.. මං මගෙ වයිෆ්ව මැරුවෙ නෑ.. අනේ ඔෆිසර් මාව විශ්වාස කරන්න." ඒ මනුස්සයා ටේහ්‍යුන්ග්ගෙන් වගේම සානාගෙනුත් අයැද සිටියා.
"මං දන්නවා.. ඔයා එයාව මැරුවෙ නෑ. හැබැයි එයා මරපු කෙනා ගැන අදහසක් ඔයාට තියෙයි. මං හරි නේද?" ටේහ්‍යුන්ග් අහද්දි ඒ මනුස්සයා ඇසුත් ලොකු කරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
"මිසිස් හන්ට අනියම් සම්බන්ධයක් තිබ්බා එහෙමනේ?"
"ස්ස්..සර්.. අනේ සර් මට සමාවෙන්න.. මං ඒ ගැන හැංගුවේ අපේ දරුවට අවනම්බු විඳින්න වෙයි කියලා හිතලා.. මට සමාවෙන්න සර්."
YOU ARE READING
MASK [Taekook] ✔️
Mystery / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...