Chapter 14

915 207 41
                                    

ටේහ්‍යුන්ග්ට හදිස්සි වැඩකට එළියට යන්න උනු නිසා ජිමින් සේජින් පොලිස් ස්ථානාධිපතිතුමා හම්බවුණේ එයා ආපු වැඩේ ගැන කතා කරගන්න. එක දිගට නොවුණත් මිනීමැරුම් කේස් එක විසඳෙනකම් ජිමින්ට සියොන් වලට නිතරම යන්න එන්න සිද්ධවෙන නිසා සේජින් ඒ දවස් වලට ජිමින්ට ජන්ග්කුක්ගෙ apartment එකේ නවතින්න පුළුවන් කියලා යෝජනා කරා. කේස් එක ගැන වැඩිදුර කරුණු දැනගන්න ජිමින්ට ඕනෙ උනු නිසා සේජින් ජන්ග්වාට කතා කරලා ජිමින්ට ඕනෙ විස්තර දෙන්න කියලා භාරදුන්නා.

"අහ් කවුද ඔෆිසර් ජන්ග්කුක් කියන්නෙ?" ජන්ග්වා මිනීමැරුම් කේස් එක ගැන පැහැදිලි කරලා දුන්නට පස්සෙ ජිමින් එයාගෙන් ඇහුවෙ සේජින් එයාට ජන්ග්කුක් එක්ක නවතින්න පුළුවන් කියලා කියපු නිසා.

"අර ඉන්නෙ අරයා තමයි ජන්ග්කුක්.. ඒත් ඇයි??" ජන්ග්වා එයාලට ටිකක් ඈතින් හිටපු ජන්ග්කුක්ව පෙන්නලා ආයෙමත් ජිමින් දිහාට හැරුණේ ප්‍රශ්නාර්ථ සහගත දෑසින්. ඒත් ජන්ග්කුක්ව දැකපු ගමන් ජිමින්ගෙ ඇස් ලොකුවෙලා ගියේ එයා ඒ මූණ අඳුරගත්තු නිසා.

"එ.. එයාද ජන්ග්කුක්..ඔහ් ශිට්, කොහොමද මට අමතක උනේ ටේගෙ බේබි බෝයිගෙ නමත් ජන්ග්කුක් කියලා." ජිමින් එයාගෙ නළලට අතින් පාරක් ගහගන්න ගමන් කියද්දි ජන්ග්වා එයා දිහා බැලුවෙ පුදුමෙන්.

"ඔයා මීට කලින් ජන්ග්කුක්ව අඳුරනවද?"

"මොකද මං නොදන්නෙ එයාව?? ඉස්සර ටේගෙ කටේ තිබ්බෙම ජන්ග්කුක් ගැන."

"ඒ කිව්වෙ??" ජන්ග්වාට නම් තාමත් ජිමින් කියන මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඒ නිසා ජිමින් දිග හුස්මක් උඩට අරන් ජන්ග්වා දිහාට හැරුණේ සම්පූර්ණ කතාවම කියන්න.

"ටේහ්‍යුන්ග් ඉස්කෝලේ යන කාලෙ හිටියෙ මගෙ ඉස්කෝලේ. දැන් මෙහෙම දඟලලා හිනාවෙලා හිටියට ඉස්සර ටේහ්‍යුන්ග් කියන්නෙ කාත් එක්කවත් කතා නොකරන මූණෙ හිනාවක් වත් නැති අමුතු ළමයෙක්.. එයා ළඟට යන්නවත් අපේ ඉස්කෝලේ ළමයි බයවුණා. මං කලින් ගියෙ බුසාන් වල highschool එකකට.. සෝල් highschool එකට මං transfer උනේ අන්තිම අවුරුදු දෙක වෙනුවෙන්. හැබැයි පුදුමෙකට වගේ කාටවත් ළංවුණේ නැති ටේහ්‍යුන්ග් මට ළංවුණා. ඒත් highschool එකෙන් out උනාට පස්සෙ අපි වෙන්වුණා. ආයෙමත් මට ටේහ්‍යුන්ග්ව හම්බුණේ එයා detective කෙනෙක් විදිහට වැඩ කරද්දි. මගෙ program එක නිසා මට නිතරම සෝල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න එන්න සිද්දවුණා. එහෙම දවසක තමයි මට ටේව හම්බුණේ. එතකොටත් ටේහ්‍යුන්ග් වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මං ඉස්කෝලෙදි දැනගෙන හිටපු ටේහ්‍යුන්ග්ට වඩා ඒ ටේහ්‍යුන්ග් ගොඩක් වෙනස් කෙනෙක්. මාර මොළයක් තිබ්බෙ ටේට.. ඒ වගේම වැඩිය කතා නොකරට එයා හැමෝම එක්ක ගොඩක් සුහදශීලියි. එයා වැඩියෙන්ම ළංවුණේ detective නම්ජුන්, detective යුන්ගි සහ detective හෝසොක් තුන්දෙනාට. කොහොමහරි කාලයක් යද්දි මාවත් ඒ ගොඩට එකතුවුණා. හැබැයි ටේහ්‍යුන්ග්ට අපි ඉස්කෝලෙදි හම්බවුණ බවක් මතක තිබ්බෙ නෑ.. කොහොමත් අපි අවුට් වෙලා ගොඩක් කල් නිසා එයාට මාව අඳුරගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙන්නත් ඇති. ඔහොම කාලයක් යද්දි ටේහ්‍යුන්ග් ගොඩක් වෙනස් වුණා.. එයාගෙ ඇස් දිලිසෙන්න ගත්තා.. හැමවෙලේම ඒ මූණෙ හිනාවක් රැඳිලා තිබ්බා.. ඒ වෙනසට හේතුව තමයි ජන්ග්කුක්.. එයාට ජන්ග්කුක්ව හම්බුණාම ටේහ්‍යුන්ග් ගොඩක් වෙනස් වුණා. ටේ කොච්චර පිළිගන්න අකමැති උනත් ටේහ්‍යුන්ග් ඒ පොඩි එකාට ආදරේ කරන්න පටන් අරන් කියලා මට නම් හොඳටම තේරුණා. එකම එක දවසක් මං අහම්බෙන් වගේ දැක්කා ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එක්ක icecream කකා හිනාවෙවී කතා කර කර ඉන්නවා. එදා තමයි මං දැනගත්තෙ ටේහ්‍යුන්ග් විතරක් නෙවෙයි ජන්ග්කුකිත් ටේට ආදරේ කරනවා කියලා. ඒ දෙන්නා දිහා බැලුවම ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. ටේහ්‍යුන්ග් එක්ක මං ඒ ගැන කතා කරාම ටේ කිව්වෙ එයාගෙ රස්සාවත් එක්ක ජන්ග්කුක්ව ඩේට් කරන්න එයා බයයි කියලා.. එක අතකට එතකොට ජන්ග්කුක් තාම කොලේජ් යන පොඩි එකෙක්.. ඒ නිසා ටේහ්‍යුන්ග් එහෙම හිතපු එකේ වැරැද්දක් නෑ. ඒත් මං තේරුම් කරා ජන්ග්කුක් කවදාහරි කරන්නෙත් ටේහ්‍යුන්ග් කරන ජොබ් එකම තමයි කියලා. කොහොමහරි ටේහ්‍යුන්ග් කිව්වා ජන්ග්කුක් ජොබ් එක අරන් ඒ රස්සාවට හුරු උනාට පස්සෙ එයා ජන්ග්කුක් එක්ක ඒ ගැන කතා කරනවා කියලා. ඒත් අවාසනාවකට ටේව හදිස්සියේම මේ කේස් එකට පැටලෙව්වා.. අන්තිමේදි ඒ කොල්ලට මතකෙත් නැතිවෙලා ගියා."

MASK [Taekook] ✔️Where stories live. Discover now