"හේයි.. උම්.. මං මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද?" ඒ කෙනා බෙල්ල පිටිපස්ස අතගාන ගමන් ලැජ්ජාවෙන් වගේ අහද්දි ජන්ග්කුක් ඔලුව වැනුවා.
"උම්ම්.. මං.. මං මින් වූශික්." එයා කිව්වත් ජන්ග්කුක්ට ඒ කවුද කියලා මතක් උනේ නෑ.
"අහ්, ඔයාලා කලින් ක්ලබ් ආපු දවසෙ මං ඔයාගෙ යාලුවා එක්ක ඔයා ඩාන්ස් කරනවා බලන් හිටියා. යාලුවා ජන්ග්වා නේද? මං එයාගෙ අතේ ඔයාට මගෙ කාඩ් එකත් යැව්වා.." වූශික් විස්තරේ කියද්දි ජන්ග්කුක්ට මතක් වුණා ජන්ග්වා එයා අතට දීපු කාඩ් එක.
"අහ්.. ඔව් මට ජන්ග්වා කිව්වා." ජන්ග්කුක් එහෙම කියලා එයාගෙ බනී හිනාව දැම්මා. වූශික්ට ඒ කම්මුල් මිරිකන්න හිතුනත් එයා අනවශ්‍යය විදිහට ජන්ග්කුක්ට ළංවෙන්න බයවුණා.
"උම්.. ඔයා ඒ යෝජනාව ගැන මොකද හිතන්නෙ?" වූශික්ගෙ ප්‍රශ්නෙට ජන්ග්කුක් පිළිතුරක් දෙන්න කලින් ටේහ්‍යුන්ග් ඇවිත් එතනින් ඉඳගත්තා. ඈතදිම ජන්ග්කුක් කොල්ලෙක් එක්ක කතා කරනවා දැක්කම ටේහ්‍යුන්ග්ට ඒ කෙනා මරන්න තරම් තරහක් දැනුනේ. ළඟට එද්දි ඒ දෙන්නගෙ සංවාදය ඇහුණු නිසා ඒ ජන්ග්වා කියපු කෙනා කියලා ටේහ්‍යුන්ග්ට මතක් වුණා.
"උහ් හායි." ජන්ග්කුක්ගෙ ළඟින් ඉඳගත්තු ටේහ්‍යුන්ග්ව දැක්කම වූශික් කලබල වුණා.
"හායි.. මගෙ boyfriend ව දන්නවද ඔයා?" ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ කරවටේට අතදාලා එයාව පපුවට ළංකරගන්න ගමන් අහද්දි වූශික්ගෙ මූණ කළු වෙලා ගියා.
"බෝ..යි.. ෆ්‍රෙන්ඩ්??"
"හ්ම්ම් මගෙ boyfriend."
"අහ්.. උම්.. මං.. " වූශික්ට එකපාරටම මොකද්ද කියන්නෙ කියලා හිතාගන්න බැරිවුණා..වාසනාවකට වගේ එයාට ඒ වෙලේ කෝල් එකක් ආවා.
YOU ARE READING
MASK [Taekook] ✔️
Mistério / Suspenseජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...