සියොන් ප්‍රදේශය අයිති ග්වාන්ග්ජු නගරය තමයි ටේහ්‍යුන්ග්ගෙ උපන්ගම උනේ. ටේහ්‍යුන්ග්ගෙ තාත්තා උනු කිම් දේහ්‍යුන් කියන්නෙ ග්වාන්ග්ජු නගරයේ ප්‍රසිද්ධ CEO කෙනෙක්. ඒ වෙද්දි ටේහ්‍යුන්ග්ගෙ තාත්තයි එයයි අතර පොඩි විරසකයක් ඇතිවෙලා තිබුණේ ටේහ්‍යුන්ග් එයාගෙ ව්‍යාපාර භාර නොගෙන පොලිසියට බැඳුණු එක නිසා. ඒ නිසා ටේහ්‍යුන්ග් අවුරුදු ගානක්ම ගෙදර එන එක නවත්තලා දාලා තිබුණේ.
ටේහ්‍යුන්ග්ව සෝල් වලින් යවාගන්න හොඳම අවස්ථාව ඒක කියල හිතපු ඉහළ නිළධාරීන් එකතුවෙලා ටේහ්‍යුන්ග්ව සියොන් උප පොලිස් ස්ථානයට මාරු කරන්න කටයුතු කරේ සියොන් ඝාතන රැල්ල හොයන්න ටේහ්‍යුන්ග්ට භාර කරලා. අපරාධ විසඳන එක ටේහ්‍යුන්ග්ට රැකියාවට එහා ගියපු ආශ්වාදයක් උනු නිසා ටේහ්‍යුන්ග් ඒ ගැන විරුද්ධත්වයක් පළකරේ නෑ. ඒත් මෙච්චර කාලයක් ඇහේ තියන් පරිස්සම් කරපු ජන්ග්කුක්ව තනිකරලා දාලා යන්න වෙනවා කියලා හිතෙද්දි ටේහ්‍යුන්ග්ගෙ හිත බරවුණා.
ඒ නිසා ඒ ගැන ටේහ්‍යුන්ග්ගෙ එකඟත්වය ප්‍රකාශ කරන්න කලින් ටේහ්‍යුන්ග් මේ ගැන ජන්ග්කුක් එක්ක කතාකරන්න හිතුවා.සති අන්තයේ දවසක් උනු එදා හවස ටේහ්‍යුන්ග් ගෙදර එද්දි පුරුදු විදිහටම ජන්ග්කුක් ගෙදර ඇවිත් ගෙදර අස්පස් කරලා රෑට උයලත් තිබ්බා.
"හ්‍යුන්ගී... ඔයා ආවද?" ටේහ්‍යුන්ග්ව දකිද්දි දිලිසෙන ඒ ඇස් දිහා දිගටම බලන්න ඉන්න බැරි තැන ටේහ්‍යුන්ග් ඒ ඇස් මඟහැරියා.
"ම්ම්.."
"වොශ් එකක් දාගෙන එන්න.. මං කෑම ටික මේසෙට අරින්නම්.. " ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ඔලුව වනන ගමන් එයාගෙ අතේ තිබුණු බෑග් එක ජන්ග්කුක්ගෙ අතට දුන්නා.
"මොනාද මේ??" ජන්ග්කුක් ඔලුවම බෑග් එකට ඔබාගෙන අහද්දි ටේහ්‍යුන්ග්ගෙ මූණට හිනාවක් ආවා. කොහොමත් ජන්ග්කුක්ගෙ හුරතල් වැඩ දකිද්දි එයාගෙ මහන්සිය ඉබේටම නැතිවෙලා යනවා කියලා ටේහ්‍යුන්ග් අත්දැකීමෙන් දැනන් හිටියෙ.
"ඔහ්!! සෝජු??" ජන්ග්කුක් අහද්දි ටේහ්‍යුන්ග් ඔලුව වැනුවා.
"මට ඔයාට දෙයක් කියන්න තියෙයි.. මං වොශ් එකක් දාගෙන එන්නම්." ටේහ්‍යුන්ග් එහෙම කියලා ජන්ග්කුක්ගෙ ඔලුවත් අතගාගෙන කෙලින්ම ගියෙ එයාගෙ රූම් එකට.
YOU ARE READING
MASK [Taekook] ✔️
Mistero / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...