අවසානයේදී ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ යෝජනාවට එකඟවුණා. Shadow කියන්නෙ මේ විදිහට මැරෙන්න ඕනෙ කෙනෙක් නෙවෙයි. ජීවිත ගණනාවක් බේරගත්තු ජනතාවගෙ වීරයා ඒ විදිහෙ මරණයක් ලබන්න කිසිසේත්ම සුදුසු නෑ.
අනිත් අතට ටේහ්‍යුන්ග්, ඒ එයාගෙම ටේහ්‍යුන්ග් නොවුණත්..., ඒ ටේහ්‍යුන්ග්. එයාගෙ පළවෙනි වගේම අවසන් ආදරේ. ආයෙමත් ටේහ්‍යුන්ග් කවදාවත් එයාව හොයාගෙන ආවෙ නැති උනත් අඩුගානෙ එයා ඉස්සරහ ටේහ්‍යුන්ග්ගෙ රූපෙ තාමත් ජීවමානයි. ඉතින් ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එක්ක ඉන්න තීරණය කරා."ම..මං කැ..මතියි." ටේහ්‍යුන්ග්ගෙ මූණ හිනාවකින් එළිය වෙද්දි ජන්ග්කුක් සිය නිරුවත් උඩුකය දෑතින්ම වසාගත්තා.
"හරි එහෙ..."
"කිම් ටේහ්‍යුන්ග්!! ආයුධ ඉවතදමා වහාම අපට යටත් වෙනු." ටේහ්‍යුන්ග් කියන්න ගියපු දේට බාධා කරමින් නැගුණු හුරුපුරුදු කටහඬට ඔවුන් ඒ දෙසට දෑස් යොමුකරද්දි පොලිස් නිළ ඇඳුමින් සැරසුණු නම්ජුන් ඔහු වෙතට තුවක්කුව එල්ල කරගෙන පඩිපෙළ බැස ඇවිත් ටේහ්‍යුන්ග් ඉදිරියේ සිටගත්තා. ක්ෂණිකව ක්‍රියාත්මක වුණු ටේහ්‍යුන්ග් එක් අතකින් ජන්ග්කුක්ව තමා වෙතට ඇදගෙන අනෙක් අතින් සිය කලිසම් සාක්කුවට අතදමා කිණිස්සක් එළියට ගෙන එය ජන්ග්කුක්ගෙ ගෙල මතින් තබා නම්ජුන් දෙස එක එල්ලේ බැලුවා.
"උඹ තව අඩියක් ඉස්සරහට ආවොත් ජන්ග්කුක් මෙතනම මැරෙයි." ටේහ්‍යුන්ග් කෑගහද්දි නම්ජුන්ගෙ ඇස් යාන්තමට ගැස්සුණත් ඒ ඉරියව්ව කිසිසේත්ම වෙනස් වුණේ නෑ.
"ආයුධ බිම දමා වහාම යටත් වෙනු." නම්ජුන් නැවතත් අණකර සිටියා. ඒත් කිණිස්ස තව තවත් ජන්ග්කුක්ගෙ ගෙල වෙතට ළංකරපු ටේහ්‍යුන්ග් ඔහුවත් රැගෙන සෙමින් සෙමින් පිටුපසට උනේ එතනින් පලා යාමට සිතමින්. නමුත් එක්වරම ඔහුගේ කකුල් වෙතට එල්ලවුණු ප්‍රහාරයකින් ටේහ්‍යුන්ග් බිම ඇද වැටුණා. ඒ ක්ෂණයකින් නම්ජුන් පිටුපසින් පැමිණි සුගා ජන්ග්කුක්ව සිය තුරුලට ගද්දී හොබී පැමිණ ටේහ්‍යුන්ග්ගෙ දෑත් වලට මාංචු දැමුවා. ටේහ්‍යුන්ග් පිටුපස හැරී බලද්දි තමයි ඔහු දුටුවෙ බැටන් පොල්ලට වාරුදී ඔහු පිටුපසින් සිටගෙන සිටින shadow. ඔව්, shadow මෙවරත් ඔහුව පරාජය කරා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
MASK [Taekook] ✔️
Mystery / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...