Chapter 15

920 220 77
                                    

මැදිවියේ පුද්ගලයා පොලිස් නිළධාරියට පාත්වෙන්න කියලා සන් කරද්දි පොලිස් නිළධාරියා දෙපාරක් නොහිතා ඒ කෙනාට ළංවුණා.

"දු..ඹු..රු.. ඇස්.... ය..ක්..ෂ..යා..ගෙ...
ඒ..ත්.. ක..ළු... ඇ..ස්... අ..හිං... ස..ක..යි...." අමාරුවෙන් එහෙම කියපු මැදිවියේ පිරිමියා පොලිස් නිළධාරියගෙ අත් උඩ එහෙම්මම සිහි නැතිවුණා.

වෙව්ලන අත්වලින් ඒ කෙනාව උස්සලා ගත්තු ජන්ග්කුක් පුළුවන් ඉක්මනට එයාගෙ කාර් එක ළඟට දුවගෙන ගියේ කොහොමහරි ඒ කෙනාව බේරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"අප්පා.." පොලිස් නිළධාරීන් පිරිලා හිටපු දැඩි සත්කාර ඒකකයේ දොර ඉස්සරහට කෑගහගෙන දුවන් ආවෙ වෙන කවුරුත් නෙවෙයි කිම් ටේහ්‍යුන්ග්.. මැදිවියේ පුද්ගලයා එහෙම නැත්නම් කිම් දේහ්‍යුන්ගෙ පුතා කිම් ටේහ්‍යුන්ග්.
ජන්ග්කුක් තාමත් ලේ වලින් පෙඟිලා තිබ්බ ශර්ට් එක ඇඳගෙන දොර පාමුල බිම ඉඳගෙන හිටියෙ වෙව්ලන ගමන්. රාජකාරියට බැඳිලා මාස පහක් උනත් මේ වගේ භයානක අවස්ථාවකට මූණ දීපු පළවෙනි පාර ඒක උනු නිසා ජන්ග්කුක් හිටියෙ ලොකු කම්පනයකින්. ඒත් ටේහ්‍යුන්ග් අප්පා කියලා කෑගහන් එද්දි ජන්ග්කුක් ගැස්සිලා නැගිට්ටා. ටේහ්‍යුන්ග් අඬාගෙන ඇවිත් එහෙම්මම ජන්ග්කුක්ව තුරුල් කරගනිද්දි ජන්ග්කුක් හෙමීට ටේහ්‍යුන්ග් වටේට අතදාගෙන එයාව සන්සුන් කරන්න උත්සාහ කරේ ඇයි ටේහ්‍යුන්ග් අඬන්නෙ කියලවත් අදහසක් නැතුව.

"ටේහ්‍යුන්ග්.. please man.. be strong." නම්ජුන් ඒ දෙන්නා ළඟට ඇවිත් ටේහ්‍යුන්ග්ගෙ පිටට තට්ටු කරේ එයාව සන්සුන් කරන්න හිතාගෙන.

"ඒත්.. ඒ මගෙ අප්පා.. කවුද එයාට මෙහෙම දෙයක් කරේ..." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙන් ඈත්වෙලා කඳුලු පිහින ගමන් අහද්දි ජන්ග්කුක් ගැස්සිලා ගියා.

"ඒ... ඒ අපි හොයන මි..නීමරුවම තමයි... මට විශ්වාසයි ඒක.. ඒ එයාමයි..." ජන්ග්කුක් ආවේගයෙන් වගේ කියාගෙන කියාගෙන ගියා.

"ඔ..ඔයා කොහොමද හරියටම එහෙම කියන්නෙ?? ඔයා.. ඔයා ඌව දැක්කද?" ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ උරහිස් වලින් අත් තියලා ඒ ඇස් වලට එබීගෙන අහද්දි ජන්ග්කුක් ඔලුව වැනුවෙ නෑ කියන්න.

MASK [Taekook] ✔️Where stories live. Discover now