ජන්ග්කුක්ගෙ පෙනුමින් එයා ඉන්නෙ බයවෙලා කියලා ටේහ්‍යුන්ග්ට තේරුණා. ඉතින් ටේහ්‍යුන්ග් එයාගෙ අතක් ජන්ග්කුක්ගෙ හීනි ඉන වටේට යවලා එයාව ළංකරගත්තෙ ජන්ග්කුක්ගෙ හිතට ආරක්ෂාකාරී හැඟීමක් එක්කරලා. එයාගෙ උණුසුමට ජන්ග්කුක් සන්සුන් උනා කියලා ටේහ්‍යුන්ග්ට දැනුනා. පාර දෙපැත්තෙ එල්ලලා තිබුණු ලන්තෑරුම් දෙක ඇරුනම මුළු පාරම කළුවරයි.
"හ්‍යුන්ග්.. කළුවරයිනේ." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ලන්තෑරුමට ටිකක් පාතින් තිබ්බ switch එකක් හොයාගෙන ඒක on කරා. ඒත් එක්කම වටේම නිල් පාට අලෝකයකින් එළිය වෙලා ගියෙ ජන්ග්කුක්ගෙ ඇස් තරු කැට වගේ දිලිසෙද්දි.
ටේහ්‍යුන්ග් ජන්ග්කුක් එක්කම ලී වලින් හදපු අඩිපාර දිගෙ ඉස්සරහට ඇවිදගෙන ගියා. නිල් පාට පුංචි විදුලි බුබුළු එයාලට පාර පෙන්නුවා. ඒ ගමන නැවතුණේ සුදුපාට දුහුල් සළු වලින් සැරසුණු පුංචි කුටියකින්. ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව ඒක ඇතුලට එක්කන් ගියා. ඔපදාපු ලී මේසයක් උඩ champagne බෝතලයක්, වීදුරු දෙකක් වගේම ජන්ග්කුක්ගෙ ආසම කෑමජාති පිරිලා තිබ්බා. මේසෙ මැද්ද ලස්සන ඉටිපන්දම් කීපයකින් සැරසිලා තිබ්බා. ටේහ්‍යුන්ග් ජන්ග්කුක් වෙනුවෙන් මේසෙ දෙපැත්තෙ ලී වලින්ම හදලා තිබ්බ පුටු දෙකෙන් එකක් ඇදලා දීලා එයාව ඉන්ඳවලා එයත් අනිත් පුටුවෙන් ඉඳගත්තා.
YOU ARE READING
MASK [Taekook] ✔️
Mystery / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...