"ප්ලීස්... ජන්ග්කුක් ඉන්නෙ ලොකු කරදරේක. මිනීමරුවා මං නෙවෙයි. මේ හැමදෙයක්ම බොරු. මං මේ හැමදෙයක්ම කරේ ජන්ග්කුක්ව බේරගන්න. ඒත් මං පරාදයි.. ජන්ග්කුක් ඉන්නෙ අර මිනීමරුවා ළඟ. ප්ලීස් ඔයා ජන්ග්කුක්ට කතාකරලා එයාව ගෙන්නගන්නවද?" ටේහ්‍යුන්ග් ආයාචනාත්මක ස්වරයකින් එහෙම ඉල්ලද්දි යූරි ඔලුව වැනුවෙ ඒක කරන්න පුළුවන් කියලා.
"තෑන්ක්ස්.. ඒකනෙවෙයි යූරි, ඔයා දන්නවද මේ ළඟ තියෙන කවුරුත් වැඩිය නොගැවසෙන තැනක් ගැන??" ටේහ්‍යුන්ග් එහෙම අහද්දි යූරි ගැස්සිලා ගියා.
"මොකද මාව පොලිසියෙන් දැනටමත් හොයනවා. ඒ හින්දා මං එයාලගෙන් බේරිලා ඉන්න ඕනෙ." ටේහ්‍යුන්ග් ආයෙමත් කියද්දි යූරි සන්සුන් වුණා. ඊටපස්සෙ එයා ටික වෙලාවක් කල්පනා කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ පොඩි හිනාවක් එක්ක.
"යමුකො.. මං තැනක් දන්නවා." යූරි එහෙම කියලා ෆෝන් එකේ ටෝච් එක පත්තු කරගෙන ඉස්සර වෙද්දි ටේහ්‍යුන්ග් එයා පිටිපස්සෙන් ගියා.
ටිකවෙලාවකට පස්සෙ එයාලා ආවෙ හරිම ලස්සන කඳුකර ප්‍රදේශයකට. එයාලා ආපු පාරෙ කෙලවරේම තිබුණු විදුලි ආලෝකයෙන් ඒ ප්‍රදේශයේ අඳුරු බව තරමක් දුරට නැතිවෙලා ගිහින් තිබුණා. එක පැත්තකින් කැලෑව.. අනිත් පැත්තෙන් ලොකු බෑවුමක්.. කොහොම උනත් ඒ තැන හරිම ලස්සනයි."වාව්.. හරිම ලස්සනයි මෙතන." ටේහ්‍යුන්ග් කියද්දි යූරි හිනාවෙලා ඔලුව වැනුවා.
"මං දන්නවා.. මං ගොඩක් ආස තැනක් මේ."
"හ්ම්ම් එහෙමද? යූරි, දැන් ජන්ග්කුක්ට කතාකරලා මෙතෙන්ට එන්න කියනවද?? ඔයා කියන්න නම්ජුන් ජන්ග්කුක්ට ඔයා එක්ක ඉන්න කිව්වා කියලා. මොකද ජන්ග්කුක් ඉන්නෙ shadow එක්ක නම් එයා ජන්ග්කුක්ට මාව හොයන් එන්න ඉඩදෙන එකක් නැතිවෙයි." ටේහ්‍යුන්ග් කියද්දි යූරි ඔලුව වනලා ෆෝන් එක අරන් ජන්ග්කුක්ට කෝල් එකක් ගත්තා.
"හෙලෝ..." රින්ග්ස් ගිහින් ටිකවෙලාවකට පස්සෙ ජන්ග්කුක් ෆෝන් එක ආන්ස්වර් කරා.
"ජන්ග්කුකී.. මං යූරි."
"ඔව් යූරි කියන්න.. හදිස්සියක්ද??" ජන්ග්කුක්ගෙ කටහඬින් එයා ඉන්නෙ හොඳටම බයවෙලා කියලා යූරිට තේරුණා.
YOU ARE READING
MASK [Taekook] ✔️
Mystery / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...