Chapter 12

967 221 52
                                    

"ම්..මං... මෙහෙ.. එ..න්..න.. එ..පා... බ..නී.. ම..මං.. ඔ..යා..ට.. ආ..ද.." එතනින් එහාට ජන්ග්කුක්ට ඇහුණෙ ලාවට හුස්ම වැටෙන සද්දයක් විතරයි. එයා ටේහ්‍යුන්ග්ට කොච්චර කතා කරත් ටේහ්‍යුන්ග් කතාකරේ නෑ.
කලබලෙන් උනත් ජන්ග්කුක්ගෙ හිතේ තිබුණෙ ටේහ්‍යුන්ග්ව බේරගන්න ඕනෙ කියලා විතරයි. ඉතින් එයා ඉක්මනට සියොන් පොලිසියට කෝල් කරලා විස්තරේ දැන්නුවා. වහාම ක්‍රියාත්මක උනු පොලිස් කණ්ඩායමක් ටේහ්‍යුන්ග්ව හොයාගෙන පිටත් වෙද්දි ජන්ග්කුක් පුළුවන් ඉක්මනට සියොන් වලට එන්න පිටත් වුණා.

රෑ නිසා ජන්ග්කුක්ට සියොන් වලට එන්න හිතුවට වඩා වෙලාවක් ගියා. සිද්ධිය වෙලා පැය පහක් යද්දි ජන්ග්කුක් සියොන් වලට ආවත් එයාට ලැබුණේ එතරම් සතුටුදායක ආරංචියක් නෙවෙයි.

ඒ වෙද්දි ටේහ්‍යුන්ග්ට operation එකක් කරලා තිබුණත් එයා තාමත් හිටියෙ අධි අවදානම් තත්ත්වයක. ජන්ග්කුක්ගෙ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගියේ ටේහ්‍යුන්ග්ගෙ මතකය නැතිවෙන්න ලොකු අවදානමක් තියෙයි කියලා දැනගත්තම. ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ළඟ ඉන්න හැදුවත් එයාට ඒ වෙලාවෙ ඒකට ඉඩක් නොලැබුණු නිසා එයා ළඟ තිබුණු කුලියට කාමර දෙන ගෙදරක් හොයාගෙන ඒකෙ නැවතුණේ ආයෙමත් දවල්ට ටේහ්‍යුන්ග්ව බලන්න යන බලාපොරොත්තුවෙන්. ඒත් ගමන් මහන්සියයි මුලු රෑම ඇහැරගෙන හිටපු නිසයි ජන්ග්කුක්ට හිතුවට වඩා වෙලා එයාට නින්ද ගියා. හවස ලෙඩ්ඩු බලන වෙලාව වෙද්දිවත් යන්න හිතාගෙන ජන්ග්කුක් ඉක්මනට හොස්පිටල් එකට ගියත් එයාට අහන්න ලැබුණේ එයා හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. ටේහ්‍යුන්ග්ට මතකෙ නැතිවෙලා ගිහින් තිබුණු නිසා එයාගෙ තාත්තා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් ටේහ්‍යුන්ග්ව ඇමෙරිකා යවලා තිබ්බා.

හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා තිබුණු එකම රැකවරණයත් නැතිවෙද්දි ජන්ග්කුක් හොඳටම කඩන් වැටුණා. ඒත් එයාගෙ හ්‍යුන්ග්ගෙ ඉල්ලීම අහක දාන්න ජන්ග්කුක්ට ඕනෙ උනේ නෑ. ටේහ්‍යුන්ග් වෙනුවෙන් එයා ඒ මිනීමරුවා අල්ලගන්න තීරණය කරා.

ඒ විදිහට තමයි ජන්ග්කුක් පළවෙනි පත්වීම විදිහට සියොන් උප පොලිස් ස්ථානයට අනුයුක්ත වෙන්නෙ.

MASK [Taekook] ✔️Where stories live. Discover now