"ම්ම්... ඔන්න එහෙනම් අහගන්නකො. මට අවුරුදු හතේදි මගෙ අප්පා මාව දාලා යනවා. ඊටපස්සෙ මගෙ ඔම්මා මාව බලාගන්න හුඟක් මහන්සි වුණා. එයා එක එක ගෙවල් වල වැඩකරා.. ඒත් ඒ මිනිස්සු ඔම්මටයි මටයි සැලකුවෙ ගොඩක් නපුරු විදිහට. මට අවුරුදු දහයෙදි තමයි ඔම්මා මාවත් එක්කගෙන දේහ්‍යුන් හ්යුන්ග්ලගෙ ගෙදරට යන්නෙ. එතන ඉඳන් ඔම්මා වගේම මාත් ජීවත් උනේ ගොඩක් සතුටින්. දේහ්‍යුන්ගෙ ඔම්මයි අප්පයි සල්ලි තිබුණට කිසිම ලොකුකමක් නැති හරිම කරුණාවන්ත මිනිස්සු. එයාලා මාවත් දේහ්‍යුන් හ්‍යුන්ග්ගෙ ඉස්කෝලෙටම දැම්මා. එදා ඉඳන් දේහ්‍යුන් හ්‍යුන්ග් මාව බලාගත්තෙ එයාගෙම සහෝදරයෙක් වගේ. දේහ්‍යුන් හ්‍යුන්ග් එතකොට ලොකුයි. එයාට අවුරුදු දාහතක්. මං ටික ටික ලොකුවෙද්දි මට තේරුණා හ්‍යුන්ග් මං දිහා බලන්නෙ වෙනස් විදිහකට කියලා. හ්‍යුන්ග් පළවෙනියටම මාව කිස් කරේ මට අවුරුදු 15දි. එතකොට හ්‍යුන්ග්ට 22ක්.. එදා හ්‍යුන්ග් මාව කිස් කරාම මං හොඳටම ඇඬුවා. මං ඒ කාලෙ පොඩි නිසා මං බයවෙලා හිටියෙ... ඒත් හ්‍යුන්ග් ඒක වැරදියට තේරුම් ගත්තා. ඊටපස්සෙ හ්‍යුන්ග් මාව මඟාරින්න ගත්තම මට ගොඩක් දුක හිතුනා. එතකොට තමයි මට තේරුණේ මාත් එයාට ආදරෙයි කියලා. ඉතින් මං දවසක් අඬ අඬාම හ්‍යුන්ග්ට ආදරෙයි කියලා කිව්වා. ඒ විදිහට තමයි අපි දෙන්නගෙ ආදරේ පටන් ගත්තෙ. දේහ්‍යුන් හ්‍යුන්ගෙ ඔම්මයි අප්පයි පවා අපි දෙන්නගෙ සම්බන්ධෙට මුකුත් කිව්වෙ නෑ. මගෙ ඔම්මා දේහ්‍යුන් හ්‍යුන්ග්ව බදාගෙන ඇඬුවා අපි ගැන දැනගත්තු දවසෙ. හ්‍යුන්ගෙ ඔම්මා නම් කිව්වෙ එයා මාව දේහ්‍යුන් හ්‍යුන්ග්ගෙ කාමරේටම දැම්මෙ අපි දෙන්නව කවදාහරි සෙට් කරන්න හිතාගෙන කියලා."
"එයා නම් ශෝක්." ජන්ග්කුක් හිනාවෙද්දි බෝගමුත් හිනාවෙවී ඔලුව වැනුවා.
"කෝ දැන් එතකොට එයාලා?" ජන්ග්කුක් අහද්දි බෝගම්ගෙ මූණෙ තිබ්බ හිනාව නැතිවෙලා ගියා.
"දේහ්‍යුන් හ්‍යුන්ග් යන්ග් මියොන්ව බැඳලා අවුරුද්දකට පස්සෙ දේහ්‍යුන්ගෙ අප්පා කාර් accident එකකින් මැරුණා. ඔම්මා අඬල අඬලම හාට් ඇටෑක් එකක් ඇවිත් එයත් එදාම නැතිවුණා. ඒ දෙන්නා හරිම ආදරෙන් හිටපු ජෝඩුවක්."
YOU ARE READING
MASK [Taekook] ✔️
Mystery / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...